Western Union මුදල් හුවමාරුව

ඔබට අපගේ Western Union ප්‍රේෂණ සේවාව හරහා විදේශයක සිට ඔබගේ ආදරණීයන් එවන මුදල් දිවයින පුරා පිහිටි ඕනෑම Singer Finance ශාඛාවකින් ක්‍ෂනිකව​ ලබා ගත හැක. මිනිත්තු කිහිපයක් ඇතුලතදී ජාත්‍යන්තර මුදල් ප්‍රමාදයකින් තොරව ලබාගෙන ඔබගේ අවශ්‍යතා ඉටුකර ගන්න.

ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ මොනවාද?

  • මිනිත්තු කිහිපයකින් ගෝලීය වශයෙන් මුදල් ලබා ගන්න.
  • සුහදශීලී පාරිභෝගික සේවාවක්.
  • දීර්ඝ සේවා කාලය (සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 8.30 සිට සවස 5.00 දක්වා)
  • දිවයින පුරා ශාඛා ජාලය
  • නොමිලේ ඩෙබිට් කාඩ්පතක් සහ ඔන්ලයින් බැංකු පහසුකම් සමඟ ඉතුරුම් ගිණුමක් විවෘත කිරීමේ හැකියාව.

මුදල් ලැබීමට අවශ්‍ය දේ?

ඔබ පහත තොරතුරු සැපයිය යුතුය,

  • MTCN අංකය (මුදල් හුවමාරු පාලන අංකය)
  • එවන්නාගේ සම්පූර්ණ නම
  • මුදල් එවන ලද රට
  • එවන මුදල් ප්‍රමාණය (ආසන්න වශයෙන්.)

හඳුනාගැනීමේ සාක්ෂියක් ලෙස සැපයිය හැකි දේ?

  • මුදල් ලබා ගැනීම සඳහා ඔබ පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ

    දේශීය ගැණූම්කරුවන්​

    • පැහැදිලි ජාතික හැඳුනුම්පත (NIC)
    • පැහැදිලි රියදුරු බලපත්‍රය
    • වලංගු විදේශ ගමන් බලපත්‍රය

    විදේශීය ගැණූම්කරුවන්​

    • වලංගු විදේශ ගමන් බලපත්‍රය

සේවා ගාස්තු / අයකිරීම්

  • සියලුම ගාස්තු මුදල් එවන්නා විසින් දරනු ලබන අතර ලබන්නා/ප්‍රතිලාභියාට මුදල් ලබා ගැනීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොවේ.