සමූහ පාරිභෝගික ණය

මෙම සුවිශේෂී පහසුකම රජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම පිළිගත් සංවිධානවල කාර්ය මණ්ඩලයට ලබා දී ඇත. මෙම සංවිධානවල සේවකයින්ට ඕනෑම පාරිභෝගික නිෂ්පාදනයක් තෝරාගෙන ඒ සඳහා මාසික වාරික වශයෙන් ගෙවිය හැකිය. මෙම වාරික, අදාළ ආයතන විසින් අදාළ සේවකයාගේ වැටුපෙන් අඩු කර අප වෙත එවනු ලැබේ. සම්පූර්ණ මුදලම එකවර නොගෙවන නමුත් පළමු දිනයේ සිටම නිෂ්පාදනයේ ප්‍රතිලාභ භුක්ති විඳින්නට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ.

මෙම පහසුකම අධීක්ෂණය කිරීම සඳහා අපි ප්‍රධාන කාර්යාලයේ දක්ෂ කාර්ය මණ්ඩලයක් සහිත විශේෂිත ඒකකයක් පිහිටුවා ඇත්තෙමු. නවීනතම තොරතුරු තාක්ෂණ පද්ධතියක සහාය මෙම ඒකකයට ලැබී ඇත. සිංගර් ෆයිනෑන්ස් මෙම අංශයේ වෙළඳපොල ප්‍රමුඛයා වන අතර දිවයින පුරා පිළිගත් ආයතන 400 කට අධික සංඛ්යාවක සේවකයින් සඳහා මෙම පහසුකම සළසා දී ඇත.

ගාස්තු සහ පොලී අනුපාත මොනවාද?

ගාස්තු වර්ගය

අගය

පොලී අනුපාතය – අවම 35% p.a.
පොලී අනුපාතය – උපරිම 45% p.a.