සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි ක්‍රමෝපායික ව්‍යාපාර සහකරු

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆයිනෑන්ස් (ලංකා) පීඑල්සී යනු 1991 අංක 23 දරණ පනතින් සංශෝධනය කරන ලද 1988 අංක 78 දරණ මුදල් සමාගම් පනතෙහි විධිවිධාන ප්‍රකාර ව 2004 වසරේ අප්‍රේල් මස 19 වනදා සංස්ථාපනය කරන ලදු ව, පසුකාලීනව එම පනත වෙනුවට ඉදිරිපත් කරන ලද 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත අනුව පවත්වාගෙන යන මූල්‍ය කල්බදු සේවා සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම බවට පත්වීමේ මෙහෙවරට පිළිපන් සිංගර් ෆයිනෑන්ස්, සිංගර් ශ්‍රී ලංකා විසින් අලෙවි කරනු ලබන හා ඔවුන්ගේ ම ප්‍රාග්ධන භාණ්ඩ, කෘෂිකාර්මික ආම්පන්න හා නිෂ්පාදන ගණනාවක් මූල්‍යකරණය කිරීමට සම්බන්ධ වී සිටියි.

null

මෙහෙවර

නියාමන රාමුව තුළ මිත්‍රශීලීම හා විශ්වසනීයම ස්ථාවර තැන්පතු සේවා සපයමින් ඉතුරුම් දිරිමත් කර, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය අඛණ්ඩව ඉහළ නැංවීමට අවශ්‍ය පහසු මූල්‍ය විසඳුම් සම්පාදනය කිරීම.

null

දැක්ම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම බවට පත්වීම.

අගයන්

5

ප්‍රජාව

අප රටේ සාරධර්ම පද්ධතියට අනුකූල ව යමින් හා‍ අඩු පහසුකම්ලාභී ජනතාව වෙත අප සාමාජයීය වගකීම ඉටුකරමින් අපි අපගේ ව්‍යාපාර පවත්වාගෙන යන්නෙමු.
5-1-90x90

තරගකරුවන්

අපි අපගේ තරගකරුවන්ට ගරුකරන අතර ඔවුන් මූල්‍ය ක්ෂේත්‍රයට දක්වන දායකත්වය හඳුනාගෙන සිටිමු.
4

පාරිභෝගිකයන්

වගකීම් සහගත සංවිධානයකින් පාරිභෝගිකයෙකු අපේක්ෂා කරන තත්ත්වයට අප කටයුතු කරමින් පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවා සපයන්නෙමු.
3

සේවකයන්

පුද්ගලයන් වශයෙන් අපි එකිනෙකාට ගරු කරන අතර ම වෘත්තීය සංවර්ධනයට අවස්ථා සලසමින් අන්‍යෝන්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් වැඩ දිරිමත් කරමු.
1

පරිසරය

පරිසරය ආරක්ෂිත බව තහවුරු කරගැනීම සඳහා සහ අනාගත පරම්පරාවන් උදෙසා සංරක්ෂණය කිරීම සඳහා අපි සෑම උත්සාහයක්ම දරමු.

2

කොටස් හිමිකරුවන්

අපි ඔවුන්ගේ ආයෝජනය සුරක්ෂිත කරමින් සාධාරණ ප්‍රතිලාභයක් සපයමු.

සමයෝගිතාව, ස්ථාවරත්වය, සේවාව, සහයෝගීතාව

සමයෝගිතාව


එකට එකක් එකතුවීමේදී දෙකකට වඩා වැඩි අගයක් නිර්මාණය වූයේ නම් එය සමයෝගිතාවේ දායකත්වය හේතුවෙනි. සිංගර් ෆයිනෑන්ස් හා සිංගර් ශ්‍රී ලංකාහි සමයෝගිතාව විශේෂයෙන් ම දෙපාර්ශ්වයේ ම ගනුදෙනුකරුවන්ට සහ කොටස් හිමියන්ට බොහෝ දේ අත්කරදීමට හේතු වී ඇත.

වෙළඳසැල් ඉඩ පහසුකම් බෙදාගැනීම, එකිනෙකාගේ පාරිභෝගික පිරිස් වලට සේවා සැපයීම හා එකිනෙකාගේ දැනුම ඉහළ නැංවීම වැනි ක්‍රියා මාර්ගයන් පිරිවැය ඉතිරිකිරීම, වෙළඳපොළ වර්ධනය ඉහළ යාම හා නවෝත්පාදනය වේගවත් වීම වැනි ප්‍රතිඵලවලට පරිවර්තනය වෙමින් ඇත.

ස්ථාවරත්වය


අප ව්‍යාපාර ධාරිතාවෙහි ස්ථාවර වර්ධනය හා විශේෂයෙන් ම අප තැන්පතු වල වර්ධනය අප උපයාගත් විශ්වාසයට සාක්ෂි සපයයි. විශ්වාසය අප ව්‍යාපාරයට ස්ථාවරත්වය ළඟාකරන මුල් ගල බවට පත් ව ඇත. වසර 160ක් පැරණි අප මව් සන්නාමය තුළ ගරු කෙරුණු ස්ථිර ප්‍රතිපත්ති හා ව්‍යාපාර සම්ප්‍රදායයන් අප විසින් ද අනුගමනය වන බව තහවුරු කරගැනීමට ස්වභාවයෙන් ම දැඩි අවධානයක් යොමු කෙරේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, සාපේක්ෂ ව 1.78%ක අවම අක්‍රීය ණය අනුපාතයක් හා අවම කාර්යමණ්ඩල පිරිවැටුම් අනුපාතයක් දැක්වෙන පරිදි අප හා සමානම අදහස් දරණ පාර්ශ්වකරුවන් ම අප වෙත ආකර්ෂණය වේ.

සේවාව


විශ්වාසය, නවෝත්පාදනය, පහසුව හා සංවේදී බව අප ගේ සේවාව කැපී පෙනීමට දායක වන වැදගත් අංගයන් ය. සැපයුම්කරුවන්ට ක්ෂණික ගෙවීම් කිරීමේ සිට එක් එක් පාරිභෝගිකයාට අනන්‍ය ආපසු ගෙවීම් ක්‍රම සම්පාදනය කිරීම සහ, දිවයින පුරා පැතිරුණු අප ශාඛා ජාලය වෙත පහසුවෙන් ළඟාවීමට සැලැස්වීම දක්වා අප සේවාව සැලසෙන්නේ ජාලගත තත්කාල ව්‍යවසාය සම්පත් සැලසුම් කිරීම් පද්ධතියක් ද (Online Real-time ERP)උපයෝගී කරගෙන ය.

සහයෝගීතාව


පාරිභෝගිකයන්, සේවකයන්, සැපයුම්කරුවන්, රජය හා කොටස් හිමියන් අපට ඉතා වැදගත් ය. අපි අඛණ්ඩව ම ගනුදෙනුකරුවන්ට අපටම අනන්‍ය වූ සේවා මට්ටමක් සපයන අතර අපගේ කාර්ය මණ්ඩලයේ සුභසාධනය සහ යහපැවැත්ම ඉහළම ප්‍රමිතියෙන් යුතුව පවත්වා ගෙන යන්නෙමු. අප විසින් භාණ්ඩාගාරය වෙත සිදුකරන දායකත්වයේදී රජය ද, අපගේ ගෙවීම් සම්පූර්ණ කිරීමේදී අපගේ සැපයුම්කරුවන් ද, අපගේ කඩිනම් බවෙහි පහසුව භුක්ති විඳිති. අප කොටස් හිමියෝ ස්ථාවර ලාභාංශ ප්‍රමාණ භුක්ති විඳිති.