banner-image overlay

ණය සාධ්‍යකරණය

ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රවාහය ශක්තිමත් කිරීමට අපෙන් ලැබෙන කඩිනම් විසඳුම

ඔබගේ විකිණුම් ඉන්වොයිස් ක්ෂණික කාරක ප්‍රාග්ධනය බවට පරිවර්තනය කරන්න.

image

ණය සාධ්‍යකරණය යනු ණය කොන්දේසි මත භාණ්ඩ හා සේවා අලෙවි කරන ව්‍යාපාරයක මුදල් ප්‍රවාහය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති කාරක ප්‍රාග්ධන විසඳුමකි. මේ සේවාව ඔස්සේ ඔබේ ව්‍යාපාරයේ අභියෝගකාරී අවස්තාවන්වලදී, බැංකු පවා ණය ලබාදීම් ප්‍රතික්ෂේප කරන විට, ඉක්මන් ණය මුදලක් ඔබ වෙනුවෙන් ලබාදීමට අප කටයුතු කරයි. බෙදා හරින ලද නිෂ්පාදන හෝ සපයනු ලබන සේවාවන් සඳහා උත්පාදනය කරන ලද ඉන්වොයිස් මත මුදල් එකතු කිරීමේ වේගවත්ම ක්‍රමය මෙයයි.


මෙහිදී, අපි ඔබගේ ව්‍යාපාරයේ ණය ගැතියන්ගේ වටිනාකමින් 70% -85% දක්වා වූ මුදලක් ඔබට ලබාදෙනු ලැබේ. ණය ගැතියන් ගෙවීම් කරන තුරු ඔබේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා පිලිබඳ ගැටළු මෙයින් පැන නොනගිනු ඇත. ඔබේ ව්‍යාපාරයේ ප්‍රගතිය වේගවත් කිරීමට මෙය උපකාරී වේ.

විශේෂාංග, ප්‍රතිලාභ සහ අවශ්‍ය සුදුසුකම්

  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් සඳහා
  • ඔබේ ඉන්වොයිස් වටිනාකමෙන් 70% - 80% ක ඉහළම අත්තිකාරම් මුදලක්
  • ඔබේ මුදල් ප්‍රවාහ අවශ්‍යතා සඳහා මුල්‍ය විසඳුම්
  • පළපුරුදු කළඹ කළමණාකරණයක් විසින් හසුරුවනු ලබයි
  • කඩිනම් අනුමත කිරීමේ ක්‍රියාවලිය
  • ඇප තැබීමේ අවශ්‍යතාවයක් නැත
  • ආරම්භක ගාස්තු නැත සහ පිටවීමේ ගාස්තු නැත

අය කරනු ලබන ගාස්තු සහ පොළී අනුපාත මොනවාද?

  • පොළී අනුපාතය - අවම

    AWPLR (මාසික) + 6% (වාර්ශික)

  • පොළී අනුපාතය - උපරිම

    27% (වාර්ෂික)

  • සේවා ගාස්තුව

    ඉන්වොයිස් වටිනාකම මත 0.5% සිට 1% දක්වා

  • නැවත සාධකකරණ ගාස්තුව

    නැවත සකස් කල අගය මත 0.3% සිට 5% දක්වා

  • වැඩිපුර ගෙවීමේ ගාස්තු

    36% (වාර්ෂික) සිට 40% (වාර්ෂික) දක්වා

අවශ්‍ය ලිපි ලේඛන

  • අයදුම්පත

  • පාරිභෝගිකයා පිලිබඳ දැනගැනීමේ තොරතුරු සහිත KYC පෝරමය

    පෝරමය බාගන්න
  • හිමිකරුගේ/ අධ්‍යක්ෂකගේ / ඇපකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් (NIC) හෝ විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය

  • හිමිකරුගේ/ අධ්‍යක්ෂකගේ / ඇපකරුගේ වත්කම් ප්‍රකාශන

  • සංදේශය සහ සංගමයේ ලිපි

  • සාධක ණය ගැති ලැයිස්තුව

  • පසුගිය මාස 6ක බැංකු ප්‍රකාශන

  • පාරිභෝගිකයාගේ ලිපිනය සපයා ඇති හැඳුනුම්පතට වඩා වෙනස් නම් බිල්පත් සාක්ෂි

ඇයි දැයි දැනගන්න ...

අපගේ විශ්වසනීයත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය නිසා ඔබට පූර්ණ විනිවිදභාවයකින් යුතු මෙන්ම, ඔබේ අවශ්‍යතාවයටම ගැළපෙන හොඳම මූල්‍ය විසඳුම් ලැබෙන බව සහතික කිරීමට අපට හැකි වන නිසාය.

ඔබට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා අවම ලේඛන කටයුතු සහ වේගවත් අනුමැතිය සහිතව ණය ක්‍රියාවලිය සරල, ඉක්මන් සහ පහසු කිරීමට අපගේ කණ්ඩායම කැපවී සිටී.

ඔව්! අපි ඔබේ ණය කොන්දේසි පාලනය කරමින් ඔබේ මූල්‍ය හැකියාවට ගැලපෙන පරිදි සකස් කළ නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් ඔබ වෙත පිරිනමන්නෙමු.

අපගේ දේශීය විශේෂඥයින් අමතන්න

අපට පණිවිඩයක් එවන්න, අපගේ කණ්ඩායම ඊළඟ ව්‍යාපාරික දිනය වන විට ඔබ හා සම්බන්ධ වනු ඇත.

මම උනන්දුයි ණය සාධ්‍යකරණය

මෙම අඩවිය reCAPTCHA මගින් ආරක්ෂා කර ඇති අතර Google රහස්‍යතා ප්‍රතිපත්ති සහ සේවා නියම අදාළ වේ.