banner-image overlay

රහස්‍යතා නිවේදනය

සෑම පියවරකදීම ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට අපි බැඳී සිටියි

පෞද්ගලිකත්ව නිවේදනය | සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී

සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී ආයතනය සිය පාරිභෝගිකයින්, අනාගත පාරිභෝගිකයින්, ඉතුරුම් ගිණුම් හිමියන්, ස්ථාවර තැන්පතු හිමියන්, කල්බදු (ලීසිං) පාරිභෝගිකයින්, රන් ණය පාරිභෝගිකයින්, ණය ගැතියන්, ඇපකරුවන්, නම් කරන ලද පුද්ගලයින්, ප්‍රතිලාභීන්, අධ්‍යක්ෂවරුන්, කොටස් හිමියන්, හවුල්කරුවන්, බලයලත් අත්සන්කරුවන්, අර්ථලාභී අයිතිකරුවන්, ව්‍යාපාරික පාරිභෝගිකයින්, ව්‍යාපාරික හවුල්කරුවන්, සැපයුම්කරුවන්, අමුත්තන්, අයදුම්කරුවන්, රැකියා අපේක්ෂකයින්, ඩිජිටල් නාලිකා පරිශීලකයින් සහ සිංගර් ෆිනෑන්ස් විසින් පෞද්ගලික දත්ත සකසනු ලබන අනෙකුත් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට කැපවී සිටී.

අපගේ ශාඛා, වෙබ් අඩවිය, මාර්ගගත බැංකු ද්වාරය, මාර්ගගත ගෙවීම් ද්වාරය, සමාජ මාධ්‍ය නාලිකා, ජංගම දුරකථන යෙදුම් සහ අනෙකුත් ඩිජිටල් හෝ භෞතික නාලිකා හරහා අපගේ නිෂ්පාදන සහ සේවාවන් සැපයීමේදී සිංගර් ෆිනෑන්ස් ආයතනය පෞද්ගලික දත්ත රැස් කිරීම, භාවිත කිරීම, ගබඩා කිරීම, සත්‍යාපනය කිරීම, බෙදා ගැනීම, ආරක්ෂා කිරීම සහ වෙනත් ආකාරයකින් සැකසීම සිදු කරන්නේ කෙසේද යන්න මෙම පෞද්ගලිකත්ව නිවේදනය මඟින් පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අප අනුකූල වන්නේ කෙසේද යන්නත් මෙම නිවේදනය මඟින් පැහැදිලි කෙරේ.

අප තොරතුරු රැස් කරන්නේ කෙසේද?

පොදුවේ ගත් කල, අප පෞද්ගලික තොරතුරු සෘජුවම ඔබගෙන් රැස් කරගන්නෙමු. ඔබ අපෙන් නිෂ්පාදනයක් හෝ සේවාවක් ඉල්ලා සිටින විට/අයදුම් කරන විට ඔබෙන් තොරතුරු රැස් කරනු ලැබේ. මීට අමතරව අප ප්‍රචාරණ/අලෙවිකරණ ව්‍යාපාර, මාර්ගගත සහ මාර්ග අපගත (offline) සමීක්ෂණ පැවැත්වීම, ඔබෙන් ලැබෙන සෘජු විද්‍යුත් තැපැල් හරහා, අපගේ ප්‍රචාරණ ව්‍යාපාරවලට ලැබෙන ප්‍රතිචාර මඟින්, අපගේ වෙබ් අඩවි සහ ජංගම යෙදුම්වලින් රැස් කර ගන්නා තොරතුරු හරහා, සහ ඔබ සිංගර් ෆිනෑන්ස් ශාඛාවලට පැමිණෙන විට අපගේ කාර්ය මණ්ඩලය/නියෝජිතයන් සමඟ පවත්වන සෘජු පෞද්ගලික අන්තර්ක්‍රියා මඟින් යන ක්‍රම මඟින් ද තොරතුරු රැස් කළ හැකිය.

තවද, අප පහත සඳහන් තෙවන පාර්ශවීය සේවාවන් භාවිතයෙන් ද තොරතුරු රැස් කළ හැක:

  • සේවාවන් සඳහා අයදුම් කිරීමේදී ඔබ අයදුම්පතෙහි සඳහන් කර ඇති නිර්දේශකයින් සහ ඇපකරුවන්

  • ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය

  • වෙබ් අඩවි භාවිතය

  • ජංගම යෙදුම් භාවිතය

ඇපකරුවෙකු, නම් කරන ලද පුද්ගලයෙකු, අධ්‍යක්ෂවරයෙකු, කොටස් හිමියෙකු, හවුල්කරුවෙකු, බලයලත් අත්සන්කරුවෙකු, අර්ථලාභී අයිතිකරුවකු, නිර්දේශකයෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ නියෝජිතයෙකු වැනි වෙනත් පුද්ගලයෙකුට අදාළ පෞද්ගලික දත්ත ඔබ අප වෙත ලබා දෙන්නේ නම්, එම පුද්ගලයා මෙම පෞද්ගලිකත්ව නිවේදනය පිළිබඳව දැනුවත් කර ඇති බවටත්, එම පෞද්ගලික දත්ත අප වෙත ලබා දීමට අදාළ අනුමැතිය, අධිකාරිය හෝ වෙනත් නීත්‍යානුකූල පදනමක් ඔබ ලබාගෙන ඇති බවටත් ඔබ ස්ථිර කර සිටිය යුතුය.

අපගේ වෙබ් අඩවිය පාරිභෝගිකයින්ට ලියාපදිංචි වීමට, ගිණුමට ඇතුළු වීමට (log in), නිෂ්පාදන සඳහා අයදුම් කිරීමට සහ තොරතුරු ඉල්ලා සිටීමට ඉඩ සලසන පෝරම භාවිත කරයි. එහිදී අප නම, සේවා නියුක්තිය පිලිබඳ විස්තර, තනතුර, දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක, ලිපිනය/ස්ථානය සහ විද්‍යුත් තැපැල් ලිපින වැනි තොරතුරු රැස් කරමු. මෙම පෝරම හරහා රැස් කර ගන්නා තොරතුරු අවශ්‍ය අවස්ථාවලදී පාරිභෝගිකයා සම්බන්ධ කර ගැනීමට භාවිත කෙරේ.

අප රැස් කරන්නේ මොනවාද?

අප රැස් කරන හෝ ලබා ගන්නා පෞද්ගලික දත්ත වර්ග, අදාළ පුද්ගලයා සමඟ අප පවත්වන සබැඳියාව අනුව වෙනස් විය හැකි අතර, ඒවාට පහත සඳහන් දෑ ඇතුළත් විය හැකිය:

(අ). පාරිභෝගිකයින් සහ අනාගත පාරිභෝගිකයින් සඳහා:

  • සම්බන්ධ කරගත හැකි ආකාර පිලිබඳ තොරතුරු: නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය, දුරකථන අංකය, ජංගම දුරකථන අංකය සහ වඩාත් කැමති සන්නිවේදන මාධ්‍යය වැනි දෑ.

  • හඳුනාගැනීමේ තොරතුරු: ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, බදු ලියාපදිංචි අංකය, රියදුරු බලපත්‍ර අංකය, උපන් දිනය, ජාතිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය සහ විවාහක/අවිවාහක භාවය වැනි දෑ.

  • පාරිභෝගික සහ නිෂ්පාදන තොරතුරු: පාරිභෝගික අංකය, ගිණුම් විස්තර, ස්ථාවර තැන්පතු විස්තර, ඉතුරුම් ගිණුම් විස්තර, කල්බදු පහසුකම් විස්තර, රන් ණය විස්තර, අයදුම්පත් විස්තර, පහසුකම් විස්තර, නැවත ගෙවීම් විස්තර සහ ගනුදෙනු ඉතිහාසය වැනි දෑ.

  • බැංකු සහ මූල්‍ය තොරතුරු: ගිණුම් තොරතුරු, ණය ලබාගැනීම් පිළිබඳ තොරතුරු, බැංකු ගනුදෙනු, බැංකු ප්‍රකාශන, ආදායම් විස්තර, රැකියා හෝ ව්‍යාපාරික විස්තර, අරමුදල් ලැබුණු මාර්ග, වත්කම් උපයාගත් මාර්ග, වත්කම්, වගකීම් සහ බදු වලට අදාළ තොරතුරු.

  • ණය සහ අවදානම් තොරතුරු: ණය සුදුසුකම්, නැවත ගෙවීමේ හැකියාව, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්‍යාංශ වාර්තා, ණය ඉතිහාසය, ඇපකරුවන්ගේ විස්තර, ඇපකර හෝ සුරැකුම්පත් විස්තර, තක්සේරු විස්තර සහ රක්ෂණ විස්තර.

  • පාරිභෝගික නිසි සම්ප්‍රජන්‍යතා සහ අනුකූලතා තොරතුරු: KYC (Know Your Customer) තොරතුරු, AML/CFT (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි වීම) තොරතුරු, සම්බාධක පරීක්ෂණ ප්‍රතිඵල, දේශපාලනිකව නිරාවරණය වූ පුද්ගලයන්ගේ (PEP) තොරතුරු, අරමුදල් ලැබුණු මාර්ග, වත්කම් උපයාගත් මාර්ග සහ අදාළ නියාමන තොරතුරු.

  • ඩිජිටල් සහ තාක්ෂණික තොරතුරු: වෙබ් අඩවි භාවිතය, මාර්ගගත බැංකුකරණ භාවිතය, ජංගම යෙදුම් භාවිතය, IP ලිපිනය, උපාංග තොරතුරු, ඇතුළුවීම් වාර්තා (login records), ගනුදෙනු ලොග් (transaction logs), සත්‍යාපන වාර්තා, ආරක්ෂක ලොග් සහ වංචා වැළැක්වීමේ තොරතුරු.

  • සන්නිවේදන තොරතුරු: ඇමතුම් පටිගත කිරීම්, කෙටි පණිවුඩ වාර්තා, විද්‍යුත් තැපැල් ලිපි හුවමාරු, WhatsApp හෝ වෙනත් පණිවිඩ යැවීමේ වාර්තා, පැමිණිලි වාර්තා, සේවා ඉල්ලීම් වාර්තා සහ පාරිභෝගික අන්තර්ක්‍රියා ඉතිහාසය.

  • අනුමැතිය සහ අභිමතය පිලිබඳ තොරතුරු: පෞද්ගලිකත්ව නිවේදනය පිළිබඳ දැනුවත් වූ බව තහවුරු කිරීම, අලෙවිකරණ අනුමැතිය, සන්නිවේදන අභිමතයන්, බැහැර වීමේ ඉල්ලීම් (opt-out requests) සහ ලබාදුන් අනුමැතිය ඉල්ලා අස්කර ගැනීමේ වාර්තා.

  • සංවේදී පෞද්ගලික තොරතුරු (අදාළ වන පරිදි): සෞඛ්‍ය තොරතුරු, අපරාධ වරදකට වරදකරු කරනු ලැබීම පිළිබඳ තොරතුරු, ජෛවමිතික හෝ මුහුණු හඳුනාගැනීමේ දත්ත (එවැනි තාක්ෂණයක් භාවිත කරන්නේ නම් සහ නීතියෙන් අවසර ඇත්නම්), සහ සුදුසු ආරක්ෂිත පියවරයන් සහිතව අවශ්‍ය අවස්ථාවලදී ළමයෙකුට අදාළ පෞද්ගලික දත්ත.

(ආ). ව්‍යාපාරික හවුල්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා:

  • සම්බන්ධ කරගත හැකි ආකාර පිලිබඳ තොරතුරු: (නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය වැනි දෑ).

  • හඳුනාගැනීමේ තොරතුරු: (ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, බදු ලියාපදිංචි අංකය, රියදුරු බලපත්‍ර අංකය, උපන් දිනය වැනි දෑ).

  • ව්‍යාපාරික තොරතුරු: (සංවිධානයේ නම, රැකියා තනතුර, දෙපාර්තමේන්තුව, ව්‍යාපාරික ලිපිනය, සංවිධාන ව්‍යුහය, කොටස් හිමිකාරිත්වය, අධ්‍යක්ෂ ධූර වැනි දෑ).

  • අපගේ සන්නිවේදන ප්ලැට්ෆෝමය(ප්ලැට්ෆෝම) හරහා ලබාගන්නා ඕනෑම පටිගත කිරීමක්: (දුරකථන පටිගත කිරීම්, Microsoft Teams, Zoom, ආදිය).

  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ලේඛනවල අඩංගු විස්තර, තෙවන පාර්ශවීය නිසි සම්ප්‍රජන්‍යතා ලේඛන, වෙළඳ නිර්දේශ සහ ණය පරීක්ෂාවන්.

  • බැංකු ගිණුම් විස්තර සහ බැංකු ගිණුම් ප්‍රකාශන ඇතුළු මූල්‍ය විස්තර.

(ඇ). අපගේ ඕනෑම පරිශ්‍රයකට හෝ උත්සවයකට පැමිණෙන අමුත්තන් සඳහා:

  • සම්බන්ධ කරගත හැකි ආකාර පිලිබඳ තොරතුරු: (නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය වැනි දෑ).

  • හඳුනාගැනීමේ තොරතුරු: (ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, ආදිය).

  • ව්‍යාපාරික තොරතුරු: (සංවිධානයේ නම, ආදිය).

  • පැමිණීමට හේතුව

  • පැමිණි දිනය සහ වේලාව

  • ජෛවමිතික හෝ මුහුණු හඳුනාගැනීමේ දත්ත: (එවැනි තාක්ෂණයක් භාවිත කරන්නේ නම් සහ නීතියෙන් අවසර ඇත්නම්).

  • ආරක්ෂක සටහන්: (විශේෂ උපදෙස් සහ ප්‍රවේශ සීමාවන්).

  • අපගේ නිරීක්ෂණ කැමරා (CCTV) පද්ධතිය හෝ වෙනත් ඕනෑම පටිගත කිරීමේ පද්ධතියක් මඟින් ග්‍රහණය කර ගන්නා හෝ පටිගත කරන ලබන ඕනෑම ඡායාරූප සහ/හෝ වීඩියෝ දර්ශන.

  • ඔබ අපගේ ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වන්නේ නම් හෝ අපගේ ඕනෑම උත්සවයකට සහභාගී වන්නේ නම්, මෙම පෞද්ගලික දත්ත සැපයීම ඔබට අනිවාර්ය වේ.

(ඈ). රැකියා අයදුම්කරුවන්, අපේක්ෂකයින්, ප්‍රතිලාභීන් සහ වැඩසටහන් සඳහා සහභාගී වන්නන් සඳහා:

  • සම්බන්ධ කරගත හැකි ආකාර පිලිබඳ තොරතුරු: (නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය වැනි දෑ).

  • හඳුනාගැනීමේ තොරතුරු: (ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, උපන් දිනය සහ වෙනත් ඕනෑම හඳුනාගැනීමේ තොරතුරක්).

  • ජනවිකාස තොරතුරු: (වයස් පරාසය, විවාහක/අවිවාහක භාවය, ස්ත්‍රී පුරුෂ භාවය, ආදිය).

  • මූල්‍ය තත්වය පිලිබඳ තොරතුරු: (දෙමාපියන්ගේ ආදායම, ප්‍රතිලාභීන්ගේ ආදායම, බැංකු ගිණුම් නාමය සහ අංකය, ආදිය).

  • අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු: (අධ්‍යයන ක්ෂේත්‍රය, විශ්වවිද්‍යාලය, අධ්‍යයනය කළ රට, අධ්‍යයන ලකුණු සහ ජයග්‍රහණ, වෘත්තීය සහතික කිරීම්, ආදිය).

  • රැකියාව සම්බන්ධ තොරතුරු: (සේවායෝජකයාගේ නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය, දුරකථන අංකය, දරන තනතුර, සේවා කාලය, ආදිය).

  • අප වෙත ඉදිරිපත් කරන ලද ඕනෑම ඡායාරූපයක් (ඡායාරූප) හෝ වීඩියෝ දර්ශනයක් (දර්ශන): (ප්‍රෝෆයිල් පින්තූර, තරඟ සඳහා ඉදිරිපත් කිරීම්, ආදිය).

  • පාරිභෝගික අනුකූලතා තොරතුරු: (දේශපාලනිකව නිරාවරණය වූ පුද්ගලයින් (PEPs) පිළිබඳ තොරතුරු - මෙයට රැකියා තනතුරු සහ දේශපාලන පක්ෂ හෝ සංවිධාන ඇතුළත් වන බැවින් එමඟින් දේශපාලන අදහස් හෙළි විය හැක).

  • සංවේදී පෞද්ගලික තොරතුරු: (අපරාධ වරදකට වරදකරු කරනු ලැබීම පිළිබඳ තොරතුරු සහ ළමයෙකුට අදාළ පෞද්ගලික දත්ත).

ළමුන්ගේ පෞද්ගලික දත්ත

දෙමාපියෙකුගේ හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුගේ සත්‍යාපිත අනුමැතියකින් තොරව වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත අප දැනුවත්ව රැස් නොකරමු. එවැනි දත්ත අවශ්‍ය වන අවස්ථාවලදී, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව නීත්‍යානුකූල සහ වගකිවයුතු අයුරින් දත්ත හැසිරවීම සහතික කිරීම සඳහා අමතර ආරක්ෂිත පියවරයන් ක්‍රියාත්මක කර ඇත.

අප විසින් රැස් කරනු ලැබිය හැකි අමතර සංවේදී පෞද්ගලික දත්ත:

  • සෞඛ්‍ය තත්වය පිලිබඳ තොරතුරු

අප රැස් කරන අමතර සංවේදී පෞද්ගලික දත්ත (අර්බුදකාරී අවස්ථාවලදී):

  • යුද්ධය, ත්‍රස්තවාදය, කැරලි කෝලහාල, ස්වභාවික විපත් හෝ සෞඛ්‍ය අර්බුද/රෝග ව්‍යාප්තිය වැනි අර්බුදකාරී කාලවලදී අප විසින් පහත දෑ රැස් කරනු ලැබිය හැක:

  • සෞඛ්‍ය සහ ශාරීරික තත්ත්වය

  • ඔබේ නිවසේ සිටින පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය

  • ඔබේ සෞඛ්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල (ඇත්නම්)

  • ඔබ අසනීපයෙන් සිටින විට හෝ සිටි අවස්ථාවක ස්වයං-හුදකලා වී සිටින්නේද හෝ සිටියේද යන්න

  • ශරීර උෂ්ණත්වය

එවැනි අර්බුදකාරී කාලසීමාවන් තුළ ඔබ අපගේ කිසියම් පරිශ්‍රයකට ඇතුළු වන්නේ නම් හෝ අප විසින් පවත්වනු ලබන කිසියම් උත්සවයකට සහභාගී වන්නේ නම්, මෙම අමතර සංවේදී පෞද්ගලික දත්ත සැපයීම අනිවාර්ය වේ.

අප පෞද්ගලික තොරතුරු රැස් කරන්නේ ඇයි?

  • ඔබ සමඟ සන්නිවේදනය කිරීමට සහ ඔබේ විමසීම්, ඉල්ලීම්, ප්‍රතිපෝෂණ සහ පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීමට.

  • අයදුම්පත්, ගිණුම්, තැන්පතු, පහසුකම්, කල්බදු (ලීසිං), රන් ණය සහ අනෙකුත් නිෂ්පාදන හෝ සේවාවන් ඇගයීමට, සැකසීමට, අනුමත කිරීමට, ප්‍රතික්ෂේප කිරීමට, කළමනාකරණය කිරීමට සහ පාලනය කිරීමට.

  • අනන්‍යතාවය සත්‍යාපනය කිරීමට සහ පාරිභෝගික නිසි සම්ප්‍රජන්‍යතා, KYC, AML/CFT, සම්බාධක පරීක්ෂාවන්, PEP පරීක්ෂාවන් සහ අනෙකුත් නියාමන පරීක්ෂාවන් සිදු කිරීමට.

  • ණය සුදුසුකම්, නැවත ගෙවීමේ හැකියාව, මූල්‍ය තත්ත්වය, අරමුදල් ලැබුණු මාර්ග, වත්කම් උපයාගත් මාර්ග, ඇපකර සහ ඊට අදාළ අවදානම් තක්සේරු කිරීමට.

  • ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, බැංකු, මූල්‍ය ආයතන, නියාමකයින් සහ අනෙකුත් නීත්‍යානුකූල සත්‍යාපන මූලාශ්‍ර වෙත තොරතුරු ලබා ගැනීමට, ඉදිරිපත් කිරීමට, යාවත්කාලීන කිරීමට, හෙළි කිරීමට සහ සත්‍යාපනය කිරීමට.

  • ණය පහසුකම් සේවාකරණය, නැවත ගෙවීම් නිරීක්ෂණය කිරීම, මුදල් එකතු කිරීම්, අයකර ගැනීම්, ප්‍රතිව්‍යුහගත කිරීම්, නීතිමය ක්‍රියාමාර්ග, සුරැකුම්/ඇප සහ ඇපකර පරිපාලනය සහ බලාත්මක කිරීම කළමනාකරණය කිරීමට.

  • වංචා, මූල්‍ය අපරාධ, සයිබර් තර්ජන, අනවසර ප්‍රවේශ, සේවා අවභාවිතය සහ අනෙකුත් ආරක්ෂක සිදුවීම් වැළැක්වීමට, හඳුනා ගැනීමට, විමර්ශනය කිරීමට සහ ප්‍රතිචාර දැක්වීමට.

  • ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා ණය කාර්යාංශය, උසාවි, නීතිය බලාත්මක කරන ආයතන සහ අනෙකුත් බලධාරීන්ගේ අවශ්‍යතා ඇතුළුව නීතිමය, නියාමන, බදු, විගණන, වාර්තාකරණ, වාර්තා තබා ගැනීමේ සහ ව්‍යවස්ථාපිත බැඳීම්වලට අනුකූල වීමට.

  • පාරිභෝගික සබඳතා, සේවා ගුණාත්මකභාවය, කාර්ය මණ්ඩල පුහුණුව, ආරවුල් විසඳීම, ඇමතුම් පටිගත කිරීම, අභ්‍යන්තර වාර්තාකරණය සහ මෙහෙයුම් පරිපාලනය කළමනාකරණය කිරීමට.

  • නීතියෙන් අවසර ඇති පරිදි, අපගේ නිෂ්පාදන, සේවා, ඩිජිටල් නාලිකා, පාරිභෝගික අත්දැකීම්, විශ්ලේෂණ සහ පර්යේෂණ වැඩිදියුණු කිරීමට.

  • අපට එසේ කිරීමට නීත්‍යානුකූල පදනමක් ඇති අවස්ථාවලදී, අවශ්‍ය පරිදි අනුමැතිය ලබා ගැනීම ඇතුළුව අලෙවිකරණ, ප්‍රවර්ධන, ප්‍රචාරණ ව්‍යාපාරවලට අදාළ හෝ වෙනත් නිෂ්පාදන හඳුන්වා දීමේ සන්නිවේදනයන් සිදු කිරීමට.

දත්ත සැකසීම සඳහා වන නීත්‍යානුකූල පදනම

අප පෞද්ගලික දත්ත සකසනු ලබන්නේ එසේ කිරීමට නීත්‍යානුකූල පදනමක් ඇති විට පමණි. අරමුණ මත පදනම්ව, ඔබ සමඟ ගිවිසුමකට එළඹීමට හෝ එය ඉටු කිරීමට, නීතිමය හෝ නියාමන බැඳීම්වලට අනුකූල වීමට, ණය, මෙහෙයුම්, වංචා සහ ආරක්ෂක අවදානම් තක්සේරු කිරීමට සහ කළමනාකරණය කිරීමට, අපගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට, නීතිමය හිමිකම් පෑමක් ස්ථාපිත කිරීමට, ක්‍රියාත්මක කිරීමට හෝ ආරක්ෂා කිරීමට, පොදු අභිලාෂය වෙනුවෙන් පැවරුණු කාර්යයන් ඉටු කිරීමට (අදාළ වන පරිදි) හෝ නිශ්චිත අරමුණු සඳහා ඔබගේ අනුමැතිය ලබාගෙන ඇති අවස්ථාවලදී අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත සැකසීමට ලක් කළ හැකිය.

ඔබේ අනුමැතිය සාමාන්‍යයෙන් භාවිත කරනු ලබන්නේ අලෙවිකරණය, ප්‍රවර්ධන සන්නිවේදනය, ඇතැම් හරස් විකුණුම් (cross-selling) ක්‍රියාකාරකම්, විකල්ප සමීක්ෂණ සහ කැමැත්ත අවශ්‍ය වන අනෙකුත් විකල්ප සැකසුම් ක්‍රියාකාරකම් සඳහාය. ලබාදුන් අනුමැතිය ඉල්ලා අස්කර ගැනීම, ණය පහසුකම් පරිපාලනය, නීතිමය හෝ නියාමන අනුකූලතාවය, අයකර ගැනීම, වංචා වැළැක්වීම, ආරක්ෂාව, විගණනය, වාර්තාකරණය හෝ අනෙකුත් නීත්‍යානුකූල අරමුණු සඳහා අවශ්‍ය වන දත්ත සැකසීම් කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.

රැස් කරන ලද තොරතුරුවල ආරක්ෂාව

නීතියෙන් වෙනත් ආකාරයකින් අවසර දී ඇති හෝ අවශ්‍ය නම් මිස, සිංගර් ෆිනෑන්ස් ආයතනය පෞද්ගලික දත්ත භාවිත කරන්නේ මෙම පෞද්ගලිකත්ව නිවේදනයේ දක්වා ඇති අරමුණු සඳහා හෝ එම අරමුණු සමඟ ගැළපෙන වෙනත් අරමුණු සඳහා පමණි. අවශ්‍ය අවස්ථාවලදී, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ, බැංකු, මූල්‍ය ආයතන, නියාමකයින්, නීතිය බලාත්මක කරන බලධාරීන්, උසාවි, විගණකවරුන්, රක්ෂණකරුවන්, තක්සේරුකරුවන්, නීති සහ අයකර ගැනීමේ නියෝජිතයින්, ගෙවීම් සේවා සපයන්නන්, තාක්ෂණ සේවා සපයන්නන්, cloud/SaaS සපයන්නන්, ලේඛන ගබඩා සපයන්නන්, වෘත්තීය උපදේශකයින් සහ අප වෙනුවෙන් ක්‍රියා කරන අනෙකුත් සේවා සපයන්නන් ඇතුළු බලයලත් තෙවන පාර්ශවයන් සමඟ අප පෞද්ගලික දත්ත බෙදා ගත හැකිය. අදාළ නීතිය, රහස්‍යතා බැඳීම්, ආරක්ෂක අවශ්‍යතා සහ අපගේ උපදෙස්වලට අනුකූලව පෞද්ගලික දත්ත සකසන ලෙස අප තෙවන පාර්ශවීය දත්ත සකසන්නන්ගෙන් ඉල්ලා සිටිමු.

අවශ්‍යතාවය මත පදනම්ව, අපට ඔබේ පෞද්ගලික දත්ත විද්‍යුත් සහ/හෝ භෞතික ආකාරයෙන් රැස් කර ගබඩා කළ හැකිය. තොරතුරු අපගේ සහ තෙවන පාර්ශවීය පරිශ්‍රයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති (උදා: බාහිර cloud ගබඩා, අභ්‍යන්තර හෝ තෙවන පාර්ශවීය කළමනාකරණ පද්ධති, විද්‍යුත් තැපෑල, දත්ත සමුදායන්, දෘඪ තැටි), ලේඛන ගබඩා ආදියේ ගබඩා කළ හැකිය.

පෞද්ගලික දත්තවලට සිදුවන ඕනෑම අනවසර හෝ නීති විරෝධී සැකසීමක්, හෝ එවැනි තොරතුරුවලට අහඹු ලෙස සිදුවන අලාභ හානි, විනාශ වීම් හෝ හානි වැළැක්වීම මඟින් ආරක්ෂිත පරිසරයක් තුළ ඔබේ පෞද්ගලික දත්ත සැකසීමට අප ප්‍රායෝගිකව උපරිම උත්සාහයක් දරන්නෙමු. ඔබේ පෞද්ගලික දත්ත සහ අපගේ ජාලය අනවසර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා අප විවිධ භෞතික, තාක්ෂණික සහ පරිපාලනමය ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කර ඇත. මෙම පියවරයන්ගෙන් සමහරක් පහත පරිදි වේ:

  • සංක්‍රමණයේදී හෝ ගබඩා කර ඇති විට දත්ත සංකේතනය කිරීම.

  • පෞද්ගලිකත්වය සහ ආරක්ෂක භාවිතයන් දැඩි ලෙස අනුගමනය කිරීම.

  • අපගේ භාවිතයන් නවීකරණය කිරීම සඳහා වරින් වර ආරක්ෂක ඇගයීම් සහ සමාලෝචන සිදු කිරීම.

  • එවැනි දත්ත දැනගැනීමේ අවශ්‍යතාවයක් ඇති (need to know) කාර්ය මණ්ඩලයට පමණක් ප්‍රවේශය සීමා කිරීම.

  • ඔබේ අයිතිවාසිකම් සහ නිදහසට ඉහළ අවදානමක් ඇති කිරීමට ඉඩ ඇති සැකසුම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දත්ත ආරක්ෂණ බලපෑම් ඇගයීම් (Data Protection Impact Assessments - DPIAs) සිදු කිරීම.

ඔබේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා අප සාධාරණ පියවර ගන්නා අතරම, ඔබේ තොරතුරු සුරක්ෂිත කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස අප ඔබව ද දිරිමත් කරන්නෙමු; එනම් ඔබේ ඇතුළුවීමේ අක්තපත්‍ර (login credentials) ආරක්ෂා කිරීම, ඔබේ උපාංග සුරක්ෂිත කිරීම සහ අනවසර ක්‍රියාකාරකමක් පිළිබඳව සැකයක් ඇත්නම් වහාම අපට දැනුම් දීම වැනි පියවරයන්ය. මෙම පූර්වාරක්ෂාවන් ඔබේ දත්ත සඳහා ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීමට අපට උපකාරී වේ.

අප වෙනුවෙන් පෞද්ගලික දත්ත සැකසීමට තෙවන පාර්ශවීය සේවා සපයන්නන් සම්බන්ධ කර ගන්නා අවස්ථාවලදී (උදා: මෘදුකාංග විකුණුම්කරුවන්, යටිතල පහසුකම් සපයන්නන්), එකී සකසන්නන් අපගේ දත්ත ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වීමට ගිවිසුම්ගතව බැඳී සිටින බව අප සහතික කරන්නෙමු.

දේශසීමා හරහා දත්ත සැකසීම සහ විදේශීය මාරු කිරීම්

අප විදේශයන්හි පිහිටි cloud සේවා, තාක්ෂණික ප්ලැට්ෆෝම, ආධාරක සේවා, සමූහ පද්ධති, සේවා සපයන්නන් හෝ වෙනත් තෙවන පාර්ශවීය දත්ත සකසන්නන් භාවිත කරන අවස්ථාවලදී, ඔබගේ පෞද්ගලික දත්ත ශ්‍රී ලංකාවෙන් බැහැරව සැකසීමට, ගබඩා කිරීමට හෝ ඒවා වෙත ප්‍රවේශ වීමට ඉඩ ඇත. පෞද්ගලික දත්ත ශ්‍රී ලංකාවෙන් බැහැරට මාරු කරන විට හෝ එසේ ප්‍රවේශ වන විට, අදාළ දත්ත ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූලව සුදුසු ගිවිසුම්ගත, තාක්ෂණික සහ ආයතනික ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කර ඇති බව සහතික කිරීම සඳහා අප සාධාරණ පියවර ගනිමු.

දත්ත උල්ලංඝනය කිරීම් පිලිබඳ දැනුම් දීම

ඔබගේ අයිතිවාසිකම් සහ නිදහසට අවදානමක් ඇති කළ හැකි ආකාරයේ පෞද්ගලික දත්ත උල්ලංඝනය වීමක් සිදු වූහොත්, අප අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ඔබට ඒ පිළිබඳව දැනුම් දෙන අතර, අදාළ නීති යටතේ අවශ්‍ය පරිදි එම සිදුවීම දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත වාර්තා කරනු ඇත. එමෙන්ම, දත්ත උල්ලංඝනය වීම පිළිබඳ අදාළ තොරතුරු සහ සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට ඔබට ගත හැකි පියවර පිළිබඳවද අප ඔබව දැනුවත් කරනු ඇත.

රැස් කරන ලද තොරතුරු රඳවා තබා ගැනීම

අප ඔබගේ පෞද්ගලික දත්ත රඳවා තබා ගන්නේ එය රැස් කරන ලද අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වන කාල සීමාව සඳහා පමණි. නීතිමය, නියාමන සහ මෙහෙයුම් අවශ්‍යතා මත පදනම්ව මෙම රඳවා තබා ගැනීමේ කාල සීමාවන් වෙනස් විය හැකිය. සමහර අවස්ථාවලදී, නීතියක් හෝ රෙගුලාසියක් මඟින් අවශ්‍ය කරන්නේ නම් අපට දිගු කාලයක් දත්ත රඳවා තබා ගත හැකි අතර, එම අරමුණු සඳහා තවදුරටත් අවශ්‍ය නොවන විට ඒවා ආරක්ෂිතව මකා දමනු ඇත. අදාළ නීතිවලට යටත්ව, ඔබ දත්ත සැකසීමට විරුද්ධ වන්නේ නම් සහ දත්ත සැකසීම දිගටම කරගෙන යාමට බලපාන වෙනත් නීතිමය පදනමක් නොමැති නම්, අපට කෙටි කාලයකින් දත්ත මකා දැමිය හැකිය.

පාරිභෝගික වාර්තා, ණය පහසුකම් වාර්තා, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ/ණය ඇගයීම් වාර්තා, ගනුදෙනු වාර්තා, CCTV වාර්තා, ඇමතුම් පටිගත කිරීම්, අමුත්තන්ගේ වාර්තා, කැමැත්ත ලබාදුන් වාර්තා, පැමිණිලි වාර්තා, ඩිජිටල් ප්‍රවේශ ලොග් සටහන් සහ නියාමන වාර්තා ඇතුළු දත්ත වර්ගීකරණය මත පදනම්ව දත්ත රඳවා තබා ගැනීමේ කාල සීමාවන් වෙනස් විය හැකිය.

අලෙවිකරණ සහ සන්නිවේදන අභිමතයන්

කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල, WhatsApp, සමාජ මාධ්‍ය, push notifications හෝ වෙනත් සන්නිවේදන නාලිකා හරහා අලෙවිකරණ, ප්‍රවර්ධන, ප්‍රචාරණ ව්‍යාපාරවලට අදාළ හෝ නිෂ්පාදන තොරතුරු යැවීම සඳහා අප හට නීත්‍යානුකූල පදනමක් ඇති අවස්ථාවන් හි දී, අවශ්‍ය වන පරිදි ඔබගේ අනුමැතිය ද සහිතව අපට ඔබගේ සම්බන්ධතා විස්තර භාවිත කළ හැකිය. 

සිංගර් ෆිනෑන්ස් විසින් සපයා ඇති නාලිකා හරහා ඔබට ඕනෑම වේලාවක අලෙවිකරණ සන්නිවේදනයන්ගෙන් බැහැර වීමට හෝ ඔබගේ සන්නිවේදන මනාපයන් යාවත්කාලීන කිරීමට හැකියාව ඇත. කෙසේ වෙතත්, නීතියෙන් අවශ්‍ය හෝ අවසර දී ඇති පරිදි සේවා සම්බන්ධ, ආරක්ෂක, නීතිමය, නියාමන, ණය අයකර ගැනීමේ, ගිණුම්, ණය පහසුකම් සහ ගනුදෙනු සම්බන්ධ සන්නිවේදනයන් දිගටම කරගෙන යා හැකිය.

රැස් කරන ලද තොරතුරු සම්බන්ධයෙන් ඔබ සතු අයිතිවාසිකම්

 

ඔබගේ පෞද්ගලික දත්ත නිවැරදි, සම්පූර්ණ, නොමඟ නොයවන සුළු සහ යාවත්කාලීනව පවතින බව සහතික කිරීමට පියවර ගැනීම මගින් අපි ඔබගේ අයිතිවාසිකම්වලට සහ පෞද්ගලිකත්වයට ගරු කරමු. ශ්‍රී ලංකාවේ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව, 

  • ඔබ ගැන අප සතුව ඇති පෞද්ගලික දත්ත මොනවාදැයි දැන ගැනීමට ඔබට අයිතියක් ඇති බවටත්,

  • ඔබගේ පෞද්ගලික දත්තවල පිටපතක් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇති බවටත්,

  • ඔබගේ පෞද්ගලික දත්ත නිවැරදි, සම්පූර්ණ, නොමඟ නොයවන සුළු සහ යාවත්කාලීන බව සහතික කිරීම සඳහා ඒවා නිවැරදි කිරීමට ඔබට අයිතියක් ඇති බවටත්,

  • දත්ත සැකසීම ඔබගේ අනුමැතිය මත පදනම් වූවක් නම්, ඕනෑම වේලාවක ඔබගේ අනුමැතිය ඉල්ලා අස්කර ගැනීමට ඔබට අයිතියක් ඇති බවටත්, අනුමැතිය ඉල්ලා අස්කර ගැනීම, එය ඉල්ලා අස්කර ගැනීමට පෙර සිදු කරන ලද දත්ත සැකසීම්වලට හෝ ගිවිසුම්, නීතිමය/නියාමන බැඳීම්, ණය අයකර ගැනීම්, වංචා වැළැක්වීම්, ආරක්ෂාව, විගණන, වාර්තාකරණය හෝ නීතිමය හිමිකම් පෑම් වැනි වෙනත් නීත්‍යානුකූල පදනමක් යටතේ දිගටම කරගෙන යන දත්ත සැකසීම් කෙරෙහි බලපෑමක් ඇති නොකරන බවටත්,

  • ඔබගේ පෞද්ගලික දත්ත භාවිත කිරීම මඟින් හානියක් හෝ පීඩාවක් සිදුවීමට ඉඩ ඇති අවස්ථාවලදී, අප ඒවා භාවිත කරන ආකාරය සීමා කරන ලෙස ඉල්ලා සිටීමටද ඔබට හැකියාව ඇති බවටත්,

  • සෘජු අලෙවිකරණ අරමුණු සඳහා ඔබගේ පෞද්ගලික දත්ත සැකසීම වැළැක්වීමට ඔබට අයිතියක් ඇති බවටත්,

  • ඔබගේ පෞද්ගලික දත්ත 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන අයුරින් හසුරුවා ඇති බව ඔබ විශ්වාස කරන්නේ නම්, ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමටද ඔබට අයිතියක් ඇති බවටත්, 

අප ඔබට සහතික වන්නෙමු.

ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කළ හැකි වන්නේ කෙසේද?

මෙම පෞද්ගලිකත්ව නිවේදනයේ දක්වා ඇති සම්බන්ධ කරගැනීමේ තොරතුරු භාවිත කරමින් දත්ත ආරක්‍ෂණ නිලධාරී ඇමතීම මගින්, ඔබගේ පෞද්ගලික දත්තවලට ප්‍රවේශ වීම, ඒවා නිවැරදි කිරීම හෝ යාවත්කාලීන කිරීම, අනුමැතිය මත පදනම්ව දත්ත සැකසීම සිදුකරන අවස්ථාවලදී එකී අනුමැතිය ඉල්ලා අස්කර ගැනීම, සෘජු අලෙවිකරණයට එරෙහිව විරෝධය පෑම හෝ පෞද්ගලිකත්වයට අදාළ ගැටලුවක් මතු කිරීම ඇතුළුව ඔබේ පෞද්ගලික දත්තවලට අදාළ ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය.

ඔබේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා, ඔබේ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට පෙර අප විසින් ඔබේ අනන්‍යතාවය තහවුරු කරනු ලැබිය හැකි අතර ඒ සඳහා අතිරේක වෙනත් තොරතුරු ද ඉල්ලා සිටිය හැකිය. අදාළ විය හැකි ඕනෑම නෛතික, නියාමන, ගිවිසුම්ගත, අයකර ගැනීමේ, වංචා වැළැක්වීමේ, ආරක්ෂක, විගණන හෝ වාර්තා තබා ගැනීමේ අවශ්‍යතාවලට යටත්ව, අදාළ නීතිය යටතේ නියමිත කාලසීමාව තුළ අපි එවැනි ඉල්ලීම් සමාලෝචනය කර ඒවාට ප්‍රතිචාර දක්වන්නෙමු.

යම් ඉල්ලීමක් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් ඉටු කිරීමට අපට නොහැකි වන අවස්ථාවලදී, නීතියෙන් අවශ්‍ය වන හෝ අවසර ලබා දෙන පරිදි, ඊට හේතුව අපි ඔබට දැනුම් දෙන්නෙමු.

ස්වයංක්‍රීය තීරණ ගැනීම සහ පැතිකඩ සැකසීම

ඇතැම් අවස්ථාවලදී, ඔබ පිළිබඳව තීරණ ගැනීමට අප ස්වයංක්‍රීය පද්ධති භාවිත කළ හැකිය. විශේෂයෙන්ම මූල්‍ය නිෂ්පාදන සඳහා ඇති සුදුසුකම් ඇගයීමේදී ණය ලකුණු ලබා දීම සහ අවදානම් තක්සේරු කිරීම් සඳහා මෙය සිදු කෙරේ. එවැනි තීරණ ගන්නා අවස්ථාවලදී:

  • සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ක්‍රම මඟින් පමණක් ගන්නා ලද ඕනෑම තීරණයක් මිනිසෙකු ලවා සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.

  • ඔබට එම තීරණයට අභියෝග කිරීමට සහ ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ඇත.

එවැනි පැතිකඩ සැකසීමේ සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සාධාරණ, විනිවිදභාවයෙන් යුක්ත සහ නිතිපතා සමාලෝචනයට ලක්වන බව අපි සහතික කරන්නෙමු.

වෙළඳ ලකුණු

මෙම වෙබ් අඩවියේ සඳහන් කර ඇති සිංගර් ෆිනෑන්ස් ලංකා පීඑල්සී යනු සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ ලියාපදිංචි වෙළඳ ලකුණු වේ.

ප්‍රකාශන හිමිකම්

මෙම වෙබ් අඩවියේ කොටසක් වන සියලුම දෑ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හෝ එහි සැපයුම්කරුවන් සතු, ඔවුන්ගෙන් පාලනය වන හෝ බලපත්‍ර ලබා ඇති ප්‍රකාශන හිමිකම් සහ/හෝ වෙනත් බුද්ධිමය දේපළ වන අතර ඒවා ප්‍රකාශන හිමිකම් නීති මඟින් ආරක්ෂා කර ඇත.

විමසීම් සඳහා සම්බන්ධ කරගත හැකි ආකාර පිලිබඳ තොරතුරු

 

මෙම නිවේදනය, අපගේ පෞද්ගලිකත්ව සහ තොරතුරු හැසිරවීමේ භාවිතයන් පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ විමසීමක් ඇත්නම්, හෝ දත්ත දායකයෙකු ලෙස ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට කැමති නම්, කරුණාකර පහත විද්‍යුත් තැපැල් ලිපිනය මගින් අප හා සම්බන්ධ වන්න:

දත්ත ආරක්ෂණ නිලධාරී

විද්‍යුත් තැපෑල: dposfl@singerfinance.com

පෞද්ගලිකත්ව නිවේදනයේ යාවත්කාලීන කිරීම් 

අවශ්‍යතාවය මතු වන පරිදි, කලින් කලට අපගේ තනි අභිමතය පරිදි මෙම පෞද්ගලිකත්ව නිවේදනය සංශෝධනය කිරීමට, වෙනස් කිරීමට හෝ යාවත්කාලීන කිරීමට අපට අයිතිය ඇත. වඩාත්ම මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පෞද්ගලිකත්ව නිවේදනය එහි පෙර පැවති ඕනෑම සංස්කරණයක් අභිබවා බලපැවැත්වේ. සිදුවන වෙනස්කම් පිළිබඳව දැනුවත්ව සිටීම සඳහා වරින් වර මෙම පෞද්ගලිකත්ව නිවේදනය පරීක්ෂා කිරීමට ඔබව දිරිමත් කරනු ලැබේ. ඕනෑම වෙනස් කිරීමක් ඇතුළුව පෞද්ගලිකත්ව නිවේදනයේ සඳහන් නියමයන්ට අනුකූල වන බවට ඔබ මෙයින් එකඟ වේ.


කුකීස් පිලිබඳ ප්‍රතිපත්තිය | සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී 

මෙම කුකීස් පිලිබඳ ප්‍රතිපත්තිය මඟින් සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී ("අපි", "අපගේ", හෝ "අප වෙත") අපගේ වෙබ් අඩවි සහ යෙදුම්වල (සමස්තයක් ලෙස "වෙබ් අඩවිය" ලෙස හැඳින්වෙන) කුකීස් සහ ඒ හා සමාන ලුහුබැඳීමේ තාක්ෂණයන් භාවිත කරන්නේ කෙසේදැයි පැහැදිලි කරයි. මෙම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට ("PDPA") අනුකූලව සපයනු ලැබේ. 

අපි විනිවිදභාවය සහ ඔබේ පෞද්ගලිකත්වය වෙනුවෙන් කැපවී සිටිමු. මෙම ප්‍රතිපත්තිය මඟින් පහත දෑ පැහැදිලි කෙරේ:

  • කුකීස් යනු මොනවාද?

  • අප භාවිත කරන්නේ කුමන ආකාරයේ කුකීස් ද සහ ඒ ඇයි?

  • කුකීස් කළමනාකරණය කරන්නේ හෝ අක්‍රිය කරන්නේ කෙසේද?

කුකීස් යනු මොනවාද? 

කුකීස් යනු ඔබ වෙබ් අඩවියකට පිවිසෙන විට ඔබේ උපාංගයේ (පරිගණකය, ස්මාර්ට් ජංගම දුරකථනය, ටැබ්ලටය) තැන්පත් වන කුඩා පෙළ ගොනු (text files) වේ. ඒවා ඔබේ මනාපයන් මතක තබා ගැනීම, ඇතැම් ක්‍රියාකාරකම් සක්‍රීය කිරීම සහ ඔබ වෙබ් අඩවිය සමඟ අන්තර්ක්‍රියා කරන්නේ කෙසේදැයි විශ්ලේෂණය කිරීම මඟින් ඔබේ වෙබ් ගවේෂණ අත්දැකීම වැඩිදියුණු කිරීමට අපට උපකාරී වේ. 

කුකීස්:

පළමු පාර්ශවීය කුකීස් – අපගේම වෙබ් අඩවිය මඟින් සකසන ඒවා.

තෙවන පාර්ශවීය කුකීස් – අප භාවිත කරන බාහිර සේවාවන් (උදා: විශ්ලේෂණ සපයන්නන්) මඟින් සකසන ඒවා විය හැකිය.

අප භාවිත කරන කුකීස් වර්ග 

කුකී වර්ගය

අරමුණ

උදාහරණ

රඳවා තබා ගැනීමේ කාලය

අත්‍යාවශ්‍ය

වෙබ් අඩවියේ මූලික ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.

සැසි ප්‍රවේශය (Session login), CSRF ටෝකන (CSRF tokens)

එම සැසිය සඳහා පමණි

කාර්ය සාධන / විශ්ලේෂණ

වෙබ් අඩවියේ පරිශීලක අන්තර්ක්‍රියා තේරුම් ගැනීමට උපකාරී වේ.

 

Google Analytics

මාස 13ක්

අලෙවිකරණ / ඉලක්කගත 

දැන්වීම් හෝ දීමනා සඳහා ක්‍රියාකාරකම් ලුහුබඳියි.

Facebook Pixel, Google Ads

මාස 24ක් දක්වා

ඔබගේ පූර්ව කැමැත්තෙන් තොරව අප අලෙවිකරණ කුකීස් සකසන්නේ නැත.

කුකීස් භාවිතය සඳහා වන නීත්‍යානුකූල පදනම 

පහත සඳහන් දෑ මත පදනම් වේ:

  • අත්‍යාවශ්‍ය කුකීස් භාවිත කිරීම සඳහා වන නීත්‍යානුකූල අභිලාෂය 

  • පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනතේ 8 වැනි වගන්තියෙන් අවශ්‍ය පරිදි, අනෙකුත් සියලුම කුකීස් වර්ග (උදා: විශ්ලේෂණ, අලෙවිකරණ) සඳහා ඔබගේ අනුමැතිය 

කුකීස් කළමනාකරණය කරන්නේ කෙසේද?

  • ඔබේ වෙබ් ගවේෂක සැකසුම් (browser settings) හරහා කුකීස් අක්‍රිය කිරීමට ඔබට හැකිය. උපදෙස් සඳහා ඔබේ වෙබ් ගවේෂකයේ help අංශය වෙත යොමු වන්න. 

සටහන: කුකීස් අක්‍රිය කිරීම වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කළ හැකිය.

පැතිකඩ සැකසීම සහ ස්වයංක්‍රීය තීරණ ගැනීම

පරිශීලක පැතිකඩ සෑදීමට හෝ පුද්ගලාරෝපිත අන්තර්ගතයන් සැපයීමට ඇතැම් කුකීස් භාවිත කළ හැකිය. එවැනි ඕනෑම පැතිකඩ සැකසීමක් සාධාරණ, විනිවිදභාවයකින් යුක්ත වන බව සහ ඔබගේ කැමැත්තට යටත් වන බව අප සහතික කරමු. පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත යටතේ පැතිකඩ සැකසීමට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත.

ඔබේ අයිතිවාසිකම්

ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත යටතේ, ඔබට පහත සඳහන් දෑ සඳහා අයිතිය ඇත:

  • ඔබේ දත්ත රැස් කරන සහ භාවිත කරන ආකාරය පිළිබඳව දැනුවත් වීමට,

  • ඔබේ පෞද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට,

  • ලබාදුන් අනුමැතිය ඉල්ලා අස්කර ගැනීමට,

  • සෘජු අලෙවිකරණය හෝ පැතිකඩ සැකසීම ඇතුළුව දත්ත සැකසීමට විරුද්ධ වීමට. 

dposfl@singerfinance.com ලිපිනය හරහා අපව සම්බන්ධ කර ගැනීමෙන් ඔබට ඕනෑම වේලාවක මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කළ හැකිය. 

ඔබේ දත්ත අවභාවිත වී ඇති බව ඔබ විශ්වාස කරන්නේ නම්, ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමටද ඔබට අයිතියක් ඇත.

මෙම කුකීස් පිලිබඳ ප්‍රතිපත්තියට සිදුකළ හැකි වෙනස්කම්

අප වරින් වර මෙම කුකීස් පිලිබඳ ප්‍රතිපත්තිය යාවත්කාලීන කළ හැකිය. අප කුකීස් භාවිත කරන ආකාරය පිළිබඳව දැනුවත්ව සිටීම සඳහා නිතිපතා මෙම පිටුව සමාලෝචනය කිරීමට ඔබව දිරිමත් කරනු ලැබේ.

අපව සම්බන්ධ කර ගන්න;

අපගේ කුකීස් භාවිතය සම්බන්ධයෙන් ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඇත්නම්, හෝ ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර අපගේ දත්ත ආරක්ෂණ නිලධාරී

විද්‍යුත් තැපැල් ලිපිනය: dposfl@singerfinance.com හරහා සම්බන්ධ කරගන්න.

අවසන් වරට යාවත්කාලීන කළේ: 2026 සැප්තැම්බර් 09