රහස්‍යතා නිවේදනය
සෑම පියවරකදීම ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට අපි බැඳී සිටියි
සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී වන අප අපගේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ සැපයුම්කරුවන්, අමුත්තන්, අයදුම්කරුවන්, අපේක්ෂකයින් වැනි අයගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට කැපවී සිටී. මෙම වෙබ් අඩවිය (www.singerfinance.com), මාර්ගගත බැංකු ද්වාරය (www.singerfinoline.com), මාර්ගගත ගෙවීම් ද්වාරය (www.singerfinanceipg.com), සමාජ මාධ්‍ය සහ ජංගම යෙදුම් ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන භාවිතා කරන විට සිංගර් ෆිනෑන්ස් ඔබෙන් රැස් කරන ඕනෑම තොරතුරක් භාවිතා කරන ආකාරය සහ රැස් කරන ලද තොරතුරු අපි ආරක්ෂා කරන ආකාරය මෙම නිවේදනයේ දක්වා ඇත. මෙම දැන්වීම මගින්, ශ්‍රී ලංකාවේ 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට අපගේ අනුගත වීම හුවා දැක්වීමටද අපි කැමැත්තෙමු.
සාමාන්‍යයෙන්, අපි ඔබෙන් සෘජුවම පුද්ගලික තොරතුරු රැස් කරන්නෙමු. ඔබ අපෙන් නිෂ්පාදනයක් හෝ සේවාවක් ඉල්ලා සිටින විට හෝ ඒ සඳහා අයදුම් කරන විට ඔබෙන් තොරතුරු රැස් කරනු ලැබේ. පහත සඳහන් ක්‍රම භාවිතා කරමින් ද අපට තොරතුරු රැස් කළ හැකිය. වෙළඳ දැන්වීම්/අලෙවිකරණ කටයුතුවලදී, මාර්ගගත සහ මාර්ගගත නොවන සමීක්ෂණ පැවැත්වීමෙන්, ඔබෙන් ලැබෙන සෘජු විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා, අපගේ ක්‍රියාකාරකම් වලට ලැබෙන ප්‍රතිචාර මගින්, අපගේ වෙබ් අඩවි සහ ජංගම යෙදුම් වලින් රැස් කරගත් තොරතුරු හරහා, ඔබ සිංගර් ෆිනෑන්ස් ශාඛාවලට පැමිණ අපගේ කාර්ය මණ්ඩලය/නියෝජිතයන් සමඟ පුද්ගලිකව සිදු කරන සෘජු අන්තර්ක්‍රියා යනාදිය භාවිතයෙනි.
තෙවන පාර්ශවීය සේවාවන් භාවිතා කරමින් අපි තොරතුරු රැස් කළ හැකිය:
අපගේ සේවා සඳහා අයදුම් කිරීමේදී ඔබ අයදුම්පතෙහි ලැයිස්තුගත කර ඇති නිර්දේශකයින් සහ ඇපකරුවන් හරහා,
ණය තොරතුරු කාර්යාංශය (CRIB) හරහා,
වෙබ් අඩවි භාවිතය මගින්,
ජංගම යෙදුම් භාවිතය මගින්,
මෙයින් කියා සිටින්නේ ඔබ වෙනත් පුද්ගලයින්ගේ පුද්ගලික දත්ත අපට ලබා දෙන්නේ නම්, ඔවුන්ගේ පුද්ගලික දත්ත අපට ලබා දීමට පෙර ඔබ එම පුද්ගලයාගෙන් කැමැත්ත ලබාගෙන ඇති බවයි.
අපගේ වෙබ් අඩවිය ගනුදෙනුකරුවන්ට ලියාපදිංචි වීමට, ලොග් වීමට, නිෂ්පාදන සඳහා අයදුම් කිරීමට සහ තොරතුරු ඉල්ලා සිටීමට ඉඩ සලසන පෝරම භාවිතා කරයි. නම, සේවක විස්තර, රැකියාව, දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක, පදිංචි ලිපිනය/ස්ථානය සහ විද්‍යුත් තැපැල් ලිපින වැනි තොරතුරු අපි රැස් කරන්නෙමු. මෙම පෝරම හරහා එකතු කරන ලද තොරතුරු අවශ්‍ය විටෙක පාරිභෝගිකයා සමඟ සම්බන්ධ වීමට භාවිතා කරයි.
අප රැස් කරන හෝ ලබා ගන්නා පුද්ගලික දත්ත වර්ග, එය ලබාගතයුතු පුද්ගලයා (data subject) සමඟ අපගේ ඇති සම්බන්ධතාවය අනුව වෙනස් විය හැකි අතර ඒවාට පහත සඳහන් දෑ ඇතුළත් විය හැකිය:
අ. ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සඳහා
පුද්ගලික තොරතුරු (නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය වැනි)
හඳුනාගැනීමේ තොරතුරු (ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර හැඳුනුම් අංකය, බදු ලියාපදිංචි අංකය, රියදුරු බලපත්‍ර අංකය, උපන් දිනය වැනි)
බැංකු තොරතුරු (ගිණුම් තොරතුරු, ලබාගත් ණය පිලිබඳ තොරතුරු, සහ බැංකු ගනුදෙනු/ප්‍රකාශ වැනි)
පාරිභෝගික අනුකූලතා තොරතුරු (දේශපාලනිකව නිරාවරණය වූ පුද්ගලයින් (PEPs) වැනි දේශපාලනික අදහස් හෙළි කළ හැකි තනතුරු සහ දේශපාලන පක්ෂ හෝ සංවිධාන යනාදිය)
ආ. ව්‍යාපාර හවුල්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා
පුද්ගලික තොරතුරු (නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය වැනි)
හඳුනාගැනීමේ තොරතුරු (ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, බදු ලියාපදිංචි අංකය, රියදුරු බලපත්‍ර අංකය, උපන් දිනය වැනි)
ව්‍යාපාරික තොරතුරු (සංවිධානයේ නම, රැකියා මාතෘකාව, දෙපාර්තමේන්තුව, ව්‍යාපාරික ලිපිනය, සංවිධාන ව්‍යුහය, කොටස් හිමිකම, අධ්‍යක්ෂ ධුරය වැනි)
අපගේ මාර්ගගත සන්නිවේදනයන් හරහා ලබා ලද ඕනෑම පටිගත කිරීමක් (දුරකථන පටිගත කිරීම්, මයික්‍රොසොෆ්ට් ටීම්, සූම්, ආදියෙන්)
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ලේඛනවල අඩංගු විස්තර, තෙවන පාර්ශවීය පූර්ව පරීක්ෂා කිරීමේ
ලේඛන (third-party due diligence), ගනුදෙනු පිලිබඳ යොමු කිරීම් සහ ණය චෙක්පත්.
බැංකු ගිණුම් විස්තර සහ බැංකු ගිණුම් ප්‍රකාශ ඇතුළු මූල්‍ය විස්තර.
ඇ. අපගේ ඕනෑම පරිශ්‍රයකට හෝ අංකයකට පැමිණෙන අමුත්තන් සඳහා
පුද්ගලික තොරතුරු (නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය වැනි)
හඳුනාගැනීමේ තොරතුරු (ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය වැනි)
ව්‍යාපාරික තොරතුරු (සංවිධානයේ නම වැනි)
පැමිණීමට හේතුව
සංචාරයේ දිනය සහ වේලාව
ජෛවමිතික සහ මුහුණු හඳුනාගැනීම
ආරක්ෂක සටහන් (විශේෂ උපදෙස් සහ ප්‍රවේශ සීමාවන්)
අපගේ CCTV පද්ධතිය හෝ වෙනත් ඕනෑම පටිගත කිරීමේ පද්ධතියක් මගින් ග්‍රහණය කරගත් හෝ පටිගත කරන ලද ඕනෑම ඡායාරූප සහ/හෝ වීඩියෝ දර්ශනයන්.
ඔබ අපගේ ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වුවහොත් හෝ අපගේ ඕනෑම උත්සව අංකයකට සහභාගී වන්නේ නම් එවැනි පුද්ගලික දත්ත සැපයීම අනිවාර්ය වේ.
ඈ. අයදුම්කරුවන්, අපේක්ෂකයින් සහ ප්‍රතිලාභීන් සඳහා
පුද්ගලික තොරතුරු (නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය වැනි)
හඳුනාගැනීමේ තොරතුරු (ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, උපන් දිනය සහ වෙනත් ඕනෑම හඳුනාගැනීමේ තොරතුරු වැනි)
ජනවිකාස තොරතුරු (වයස් පරාසය, විවාහක තත්ත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, ආදිය)
මූල්‍ය තොරතුරු (දෙමාපියන්ගේ ආදායම්, ප්‍රතිලාභීන්ගේ ආදායම්, බැංකු ගිණුමේ සඳහන් නම සහ අංකය වැනි)
අධ්‍යාපනික තොරතුරු (අධ්‍යයන ක්ෂේත්‍රය, විශ්ව විද්‍යාලය, අධ්‍යයනය කරන ලද රට, අධ්‍යයනයේදී ලබාගත් ලකුණු සහ ජයග්‍රහණ, වෘත්තීය සහතික, ආදිය)
රැකියා තොරතුරු (සේවායෝජකයාගේ නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය, දුරකථන අංකය, තනතුර, සේවා කාලය යනාදිය)
අප වෙත ඉදිරිපත් කරන ලද ඕනෑම ඡායාරූප(යක්) හෝ වීඩියෝ දර්ශන(යක්) (පැතිකඩ පින්තූර, තරඟ සඳහා ඉදිරිපත් කිරීම් ආදිය)
පාරිභෝගික අනුකූලතා තොරතුරු (දේශපාලනිකව නිරාවරණය වූ පුද්ගලයින් (PEPs) වැනි දේශපාලනික අදහස් හෙළි කළ හැකි තනතුරු සහ දේශපාලන පක්ෂ හෝ සංවිධාන යනාදිය)
සංවේදී පුද්ගලික තොරතුරු (අපරාධ වරදකරුවන් සහ දරුවෙකුට අදාළ පුද්ගලික දත්ත වැනි).
දෙමාපියෙකුගේ හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුගේ සත්‍යාපිත අවසරයකින් තොරව වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ගේ පුද්ගලික දත්ත දැනුවත්ව රැස් කිරීමක් සිදු නොවේ. එවැනි දත්ත අවශ්‍ය වන විට, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව නීත්‍යානුකූල සහ වගකීමෙන් යුතුව හැසිරවීම සහතික කිරීම සඳහා අතිරේක ආරක්ෂක පියවර ක්‍රියාත්මක වේ.
අප රැස් කළ හැකි අතිරේක සංවේදී පුද්ගලික දත්ත:
සෞඛ්‍ය තත්වය පිලිබඳ තොරතුරු
අපි රැස් කරන අතිරේක සංවේදී පුද්ගලික දත්ත:
යුද්ධය, ත්‍රස්තවාදය, කැරලි, ස්වාභාවික විපත් හෝ සෞඛ්‍ය අර්බුද/රෝග පැතිරීම වැනි අර්බුදකාරී කාලවලදී අප;
ඔබගේ සෞඛ්‍ය සහ ශාරීරික තත්ත්වය
ඔබේ නිවසේ සිටින පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය
ඔබේ සෞඛ්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල තිබේ නම් ඒවා
ඔබ අසනීපව සිටි හෝ සිටින් විට හෝ ඔබ ස්වයං හුදකලාව සිටියත් සිටියාද යන්න
ශරීර උෂ්ණත්වය
යනාදිය පිලිබඳ තොරතුරු රැස් කළ හැකිය.
එවැනි අර්බුදකාරී කාලවලදී ඔබ අපගේ ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වන්නේ නම් හෝ අපගේ ඕනෑම උත්සවයකට සහභාගී වන්නේ නම් එවැනි අතිරේක සංවේදී පුද්ගලික දත්ත සැපයීම අනිවාර්ය වේ.
අපි ඔබගේ පුද්ගලික තොරතුරු රැස් කරන්නේ මන්ද?
ඔබ සමඟ සන්නිවේදනය කිරීමට සහ ඔබේ විමසීම්, ප්‍රතිපෝෂණ සහ පැමිණිලි වලට ප්‍රතිචාර දැක්වීමට
අපගේ නීතිමය බැඳීම් සපුරාලීම
ඔබේ ණය සුදුසුකම් තක්සේරු කිරීමට
අප සපයන සේවාවන් සඳහා ඔබේ අයදුම්පත සැකසීමට
සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා පුහුණු සහ සංවර්ධන අරමුණු සඳහා
අපගේ සේවා මට්ටම් වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන අරමුණු සඳහා
සිංගර් ෆිනෑන්ස් විසින් www.singerfinance.com, www.singerfinoline.com, www.singerfinanceipg.com, එහි අනුබද්ධ සමාජ මාධ්‍ය පිටු, ජංගම යෙදුම් හෝ, සෘජුවම හෝ තෙවන පාර්ශවයන් භාවිතා කරමින් හෝ එකතු කරන ලද තොරතුරු මෙම ප්‍රතිපත්තියේ සඳහන් කර ඇති අරමුණ සඳහා හැර වෙනත් කිසිදු අරමුණක් සඳහා භාවිතා නොකරන අතර කිසිදු ආකාරයකින් තෙවන පාර්ශවයකට ලැබුණු තොරතුරු හෙළි නොකරනු ඇත.
අවශ්‍යතාවය අනුව, අපි ඔබේ පුද්ගලික දත්ත විද්‍යුත් සහ/හෝ භෞතික ආකාරයෙන් රැස් කර ගබඩා කළ හැකිය. තොරතුරු අපගේ සහ තෙවන පාර්ශවීය පරිශ්‍රයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති තුළ ගබඩා (උදා: external cloud storages, අභ්‍යන්තර හෝ තෙවන පාර්ශවීය කළමනාකරණ පද්ධති, විද්‍යුත් තැපෑල, දත්ත සමුදායන්, දෘඪ තැටි), සහ ලේඛන ගබඩා ආදියෙහි ගබඩා කළ හැකිය.
පුද්ගලික දත්ත අනවසරයෙන් හෝ නීති විරෝධී ලෙස සැකසීම හෝ එවැනි තොරතුරු අහම්බයෙන් නැතිවීම හෝ විනාශ කිරීම හෝ හානි වීම වැළැක්වීම සඳහා ප්‍රායෝගිකව හැකි සෑම විටම, ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂිත පරිසරයක සැකසීමට අපි උත්සාහ කරන්නෙමු. ඔබගේ පුද්ගලික දත්ත සහ අපගේ ජාලයන් අනවසර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා අපි විවිධ භෞතික, තාක්ෂණික සහ පරිපාලන ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇත්තෙමු. මෙම පියවරයන්ගෙන් සමහරක් නම්:
සංක්‍රමණයේදී හෝ නිශ්චලත්වයේ දී දත්ත සංකේතනය කිරීම
පෞද්ගලිකත්වය සහ ආරක්ෂක පිළිවෙත් දැඩි ලෙස පිළිපැදීම
අපගේ භාවිතයන් උත්ශ්‍රේණි කිරීම සඳහා වරින් වර ආරක්ෂක තක්සේරු කිරීම් සහ සමාලෝචන සිදුකිරීම.
එවැනි දත්ත දැන ගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට පමණක් ප්‍රවේශය සීමා කිරීම.
ඔබගේ අයිතිවාසිකම් සහ නිදහසට ඉහළ අවදානමක් ඇති කිරීමට ඉඩ ඇති සැකසුම් ක්‍රියාකාරකම් සඳහා දත්ත ආරක්ෂණ බලපෑම් තක්සේරු කිරීම් (DPIA) පැවැත්වීම
ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අපි සාධාරණ පියවර ගන්නා අතරම, ඔබගේ පිවිසුම් තොරතුරු ආරක්ෂා කරගැනීම, ඔබගේ උපාංග සුරක්ෂිත කිරීම සහ සැක සහිත ඕනෑම අනවසර ක්‍රියාකාරකමක් පිළිබඳව වහාම අපට දැනුම් දීම වැනි ඔබගේ තොරතුරු ආරක්ෂා කිරීමට ඔබ ද සුදුසු පියවර ගත යුතු වේ. මෙම පූර්වාරක්ෂාවන් ඔබගේ දත්ත සඳහා ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීමට අපට උපකාරී වේ.
අප වෙනුවෙන් පුද්ගලික දත්ත සැකසීමට අපි තෙවන පාර්ශවීය සේවා සපයන්නන් සම්බන්ධ කර ගන්නා විට (උදා: මෘදුකාංග අලෙවිකරුවන්, යටිතල පහසුකම් සපයන්නන්), එවැනි සැකසුම්කරුවන් අපගේ දත්ත ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වීමට ගිවිසුම්ගතව බැඳී සිටින බව අපි සහතික කරමු.
ඔබේ අයිතිවාසිකම් සහ නිදහසට අවදානමක් ඇති කිරීමට ඉඩ ඇති පුද්ගලික දත්ත කාන්දු වීමකදී, අපි එය අප්‍රමාදව ඔබට දැනුම් දෙන අතර අදාළ නීති යටතේ අවශ්‍ය පරිදි දත්ත ආරක්ෂණ අධිකාරියටද සිද්ධිය වාර්තා කරන්නෙමු. කාන්දු වීම පිළිබඳ අදාළ තොරතුරු සහ වියහැකි හානිය අවම කිරීම සඳහා ඔබට ගත හැකි ඕනෑම පියවරක් පිලිබඳ තොරතුරු ද අපි ඔබට ලබා දෙන්නෙමු.
දත්ත එකතු කරගන්නා ලද අරමුණු ඉටු කිරීමට අවශ්‍ය තාක් කල් පමණක් අපි ඔබගේ පුද්ගලික දත්ත රඳවා ගනිමු. නීතිමය, නියාමන සහ මෙහෙයුම් අවශ්‍යතා මත පදනම්ව රඳවා ගැනීමේ කාල සීමාවන් වෙනස් විය හැකිය. සමහර අවස්ථාවලදී, නීතියෙන් හෝ නියාමනයෙන් අවශ්‍ය නම්, අපට දත්ත දිගු කාලයක් රඳවා ගත හැකි අතර, එම අරමුණු සඳහා එය තවදුරටත් අවශ්‍ය නොවන විට එය ආරක්ෂිතව මකා දමනු ලැබේ. අදාළ නීතිවලට යටත්ව, ඔබ දත්ත සැකසීමට විරුද්ධ වුවහොත් සහ රදවාගෙන සිටිය යුතු අන්දමේ කවරාකාර හෝ ප්‍රමුඛ නීතිමය පදනමක් නොමැති නම්, කෙටි කාලයක් සඳහා දත්ත රඳවා තබා ගනී.
ඔබේ පුද්ගලික දත්ත නිවැරදි, සම්පූර්ණ, නොමඟ යවන සුළු නොවන සහ යාවත්කාලීන බව සහතික කිරීමට පියවර ගනිමින් අපි ඔබේ අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වයට ගරු කරමු. ශ්‍රී ලංකාවේ 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව;
ඔබ ගැන අප සතුව ඇති පුද්ගලික දත්ත මොනවාදැයි දැන ගැනීමට ඔබට අයිතියක් තිබෙන බවට,
ඔබේ පුද්ගලික දත්තවල පිටපතක් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් තිබෙන බවට,
ඔබේ පුද්ගලික දත්ත නිවැරදි, සම්පූර්ණ, නොමඟ යවන සුළු නොවන සහ යාවත්කාලීන බව සහතික කිරීම සඳහා එය නිවැරදි කිරීමට ඔබට අයිතියක් තිබෙන බවට,
ඔබේ පුද්ගලික දත්ත අප විසින් සැකසීම පිලිබඳව ඔබේ කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට ඔබට අයිතියක් ඇති බවට,
ඔබගේ පුද්ගලික දත්ත භාවිතා කරන ආකාරය අනුව හානි හෝ කරදර ඇති වීමට ඉඩ ඇති විටෙක ඒවා භාවිතා කරන ආකාරය සීමා කරන ලෙසට අපෙන් ඉල්ලා සිටීමට ඔබට හැකි බවට,
සෘජු අලෙවිකරණ අරමුණු සඳහා ඔබගේ පුද්ගලික දත්ත සැකසීම වැළැක්වීමට ඔබට අයිතියක් ඇති බවට, සහ
2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය වන ආකාරයෙන් ඔබගේ පුද්ගලික දත්ත හසුරුවා ඇති බව ඔබ විශ්වාස කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔබට අයිතියක් ඇති බවට, අපි ඔබට සහතික වන්නෙමු.
ඇතැම් අවස්ථාවලදී, ණය ශ්‍රේණිගත කිරීම සහ අවදානම් තක්සේරුව ඇතුළු විශේෂ මූල්‍ය නිෂ්පාදන සඳහා සුදුසුකම් ඇගයීමේදී, ඔබ පිළිබඳ තීරණ ගැනීමට අප ස්වයංක්‍රීය පද්ධති භාවිතා කළ හැකිය. එවැනි තීරණ ගනු ලබන විට:
ස්වයංක්‍රීය ක්‍රම මගින් ගනු ලබන ඕනෑම තීරණයක් පිලිබඳ මානව සමාලෝචනයක් කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.
එකී තීරණයට අභියෝග කර ඔබේ දෘෂ්ටිකෝණය ප්‍රකාශ කළ හැකිය.
එවැනි පැතිකඩ සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සාධාරණ, විනිවිදභාවී සහ නිතිපතා සමාලෝචනයට යටත් වන බවට අපි සහතික කරමු.
මෙම වෙබ් අඩවියේ සඳහන් කර ඇති සිංගර් ෆිනෑන්ස් ලංකා පීඑල්සී යනු සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි ලියාපදිංචි වෙළඳ ලකුණු වේ.
මෙම වෙබ් අඩවියේ කොටසක් වන සියලුම දේ, සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හෝ එහි සැපයුම්කරුවන් විසින් හිමිකාරීත්වය දරන, පාලනය කරන ලද හෝ බලපත්‍රලාභී සහ ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කරන ලද ප්‍රකාශන හිමිකම් සහ / හෝ වෙනත් බුද්ධිමය දේපළ වේ.
මෙම දැන්වීම පිලිබඳව, අපගේ රහස්‍යභාවය සහ තොරතුරු හැසිරවීමේ භාවිතයන් පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ විමසීමක් ඇත්නම්, හෝ දත්ත විෂයයක් ලෙස ඔබට හිමි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට කැමති නම්, කරුණාකර අමතන්න:
දත්ත රහස්‍යභාවය පිලිබඳ නිලධාරී:
විද්‍යුත් තැපෑල: sfldpo@singersl.com
අවශ්‍යතාවය පැනනගින විට සහ කලින් කලට අපගේ තනි අභිමතය පරිදි මෙම රහස්‍යතා නිවේදනය සංශෝධනය කිරීමට, වෙනස් කිරීමට, හෝ යාවත්කාලීන කිරීමට අපට අයිතියක් ඇත. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද රහස්‍යතා නිවේදනය එහි පෙර අනුවාදයන් අභිබවා බලපැවැත්වෙනු ඇත. ඕනෑම වෙනස්කමක් පිළිබඳව දැනුවත්ව සිටීමට මෙම රහස්‍යතා නිවේදනය වරින් වර පරීක්ෂා කරන ලෙසට ඔබව දිරිමත් කරනු ලැබේ. ඕනෑම වෙනස්කමක් ඇතුළුව රහස්‍යතා නිවේදනයේ නියමයන්ට අනුකූල වීමට ඔබ මෙයින් එකඟ වේ.
මෙම කුකී ප්‍රතිපත්තිය මඟින් සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී ("අපි", හෝ "අපගේ") හි වෙබ් අඩවි සහ යෙදුම්වල (සාමූහිකව, "අඩවිය" ලෙස් හැදින්වෙන) කුකීස් සහ ඒ හා සමාන අනුගමන තාක්ෂණයන් (tracking technologies) භාවිතා කරන ආකාරය පැහැදිලි කරයි. මෙම ප්‍රතිපත්තිය 2022 අංක 9 දරන ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට ("PDPA") අනුකූල වේ.
අපි විනිවිදභාවය සහ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටිමු. මෙම ප්‍රතිපත්තිය මගින්:
කුකීස් යනු කුමක්ද?
අපි භාවිතා කරන කුකීස් වර්ග මොනවාද සහ ඇයි?
ඔබට කුකීස් කළමනාකරණය කළ හැකි හෝ අක්‍රිය කළ හැකි ආකාරය යන මේවා පැහැදිලි කරයි.
කුකීස් යනු ඔබ වෙබ් අඩවියකට පිවිසෙන විට ඔබේ උපාංගයේ (පරිගණකය, ස්මාර්ට් ජංගම දුරකථනය, ටැබ්ලටය) තබා ඇති කුඩා පෙළ ගොනු (text files) වේ. ඔබේ මනාපයන් මතක තබා ගැනීමෙන්, ඇතැම් ක්‍රියාකාරීත්වයන් සක්‍රීය කිරීමෙන් සහ ඔබ අඩවිය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය විශ්ලේෂණය කිරීමෙන් ඒවා ඔබේ සෙවීමේ අත්දැකීම වැඩිදියුණු කිරීමට අපට උපකාරී වේ.
කුකීස්:
පළමු පාර්ශවීය කුකීස් - අපගේම වෙබ් අඩවිය විසින් සකසා ඇති
තෙවන පාර්ශවීය කුකීස් - අප භාවිතා කරන බාහිර සේවාවන් (උදා: විශ්ලේෂණ සපයන්නන්) විසින් සකසා ඇති ඒවා විය හැකිය.
කුකී වර්ගය | අරමුණු | උදාහරණ | රඳවා තබා ගන්නා කාලය |
අත්‍යාවශ්‍ය | මූලික වෙබ් අඩවි ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වේ. | සැසි පිවිසුම, CSRF ටෝකන | සැසිය සඳහා පමණි |
කාර්ය සාධනය/ විශ්ලේෂණ | අඩවියේ පරිශීලක අන්තර්ක්‍රියා තේරුම් ගැනීම සඳහා | ගූගල් විශ්ලේෂණ | මාස 13 |
අලෙවිකරණය/ ඉලක්ක කිරීම | දැන්වීම් හෝ දීමනා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා | ෆේස්බුක් පික්සෙල්, ගූගල් ඇඩ්ස් | මාස 24 දක්වා |
ඔබගේ පූර්ව අවසරයකින් තොරව අපි අලෙවිකරණ කුකීස් සකසන්නේ නැත.
අපි:
අත්‍යාවශ්‍ය කුකීස් භාවිතා කිරීමට නීත්‍යානුකූල උනන්දුවක්,
PDPA හි 8 වන වගන්තිය 8 යටතේ අවශ්‍ය පරිදි අනෙකුත් සියලුම කුකී වර්ග භාවිතය සඳහා (උදා: විශ්ලේෂණ, අලෙවිකරණය) ඔබේ කැමැත්ත මත විශ්වාසය තබන්නෙමු.
ඔබට:
ඔබගේ බ්‍රවුසරයේ සැකසුම් හරහා කුකීස් අක්‍රිය කළ හැකිය. උපදෙස් සඳහා ඔබගේ බ්‍රවුසරයේ උදව් අංශය බලන්න.
සටහන: කුකීස් අක්‍රිය කිරීම වෙබ් අඩවි ක්‍රියාකාරිත්වයට බලපෑ හැකිය.
පරිශීලක පැතිකඩ නිර්මාණය කිරීමට හෝ පුද්ගලාරෝපිත අන්තර්ගතයන් ලබා දීමට සමහර කුකීස් භාවිතා කළ හැකිය. එවැනි ඕනෑම පැතිකඩක් සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ ඔබේ කැමැත්තට යටත්ව ඇති බවට අපි සහතික කරගන්නෙමු. PDPA යටතේ පැතිකඩකරණයට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත.
ශ්‍රී ලංකා PDPA යටතේ:
ඔබගේ දත්ත රැස් කර භාවිතා කරන ආකාරය පිළිබඳව දැනුවත් වීමට,
ඔබගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට,
ඔබගේ කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට,
සෘජු අලෙවිකරණය හෝ පැතිකඩකරණය ඇතුළුව දත්ත සැකසීමට විරුද්ධ වීමට,
ඔබට අයිතියක් ඇත.
dposfl@singersl.com මගින් අප හා සම්බන්ධ වීමෙන් ඔබට ඕනෑම වේලාවක මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කළ හැකිය.
ඔබගේ දත්ත අනිසි ලෙස භාවිතා කර ඇති බව ඔබ විශ්වාස කරන්නේ නම් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද ඔබට අයිතියක් ඇත.
අපි මෙම කුකී ප්‍රතිපත්තිය වරින් වර යාවත්කාලීන කළ හැකිය. අපි කුකීස් භාවිතා කරන ආකාරය පිළිබඳව දැනුවත්ව සිටීමට මෙම පිටුව නිතිපතා සමාලෝචනය කරන ලෙස අපි ඔබව දිරිමත් කරමු.
අපගේ කුකීස් භාවිතය පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ ගැටළුවක් ඇත්නම්, හෝ ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට කැමති නම්,
අපගේ දත්ත රහස්‍යභාවය පිලිබඳ නිලධාරියා සමග සම්බන්ධ වීමට:
විද්‍යුත් තැපෑල: sfldpo@singersl.com