කල්බදු පහසුකම්

කල්බදුකරණය පාලනය වන්නේ 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත මගිනි. 1980 දී ශ්‍රී ලංකා වෙළඳපොළට කල්බදුකරණය හඳුන්වා දුන් අතර වැඩි කල් නොගොස් ම විකල්ප මූල්‍යකරණ ක්‍රමයක් ලෙස ඊට පුළුල් පිළිගැනීමක් ලැබෙන්නට විණි. සිංගර් ෆයිනෑන්ස් විසින් නව වාහන සහ උපකරණ සඳහා තරඟකාරී මිල ගණන් යටතේ කල්බදු පහසුකම් සපයයි. ඔබ වෙනුවෙන් ම සකසන ලද කල්බදු විසඳුම් සමඟ ඔබට ඔබේම කල්බදු පහසුකම් පැකේජයක් ලබා ගත හැකිය. අප වෙත පැමිණ විශ්වාසදායක ම මූල්‍ය සමාගමෙන් ඉහළම පාරිභෝගික සේවාවක් භුක්ති විඳින්න. දිවයින පුරා පිහිටි ඕනෑම සිංගර් ප්ලස්, සිංගර් මෙගා සහ සිංගර් හෝම්ස් අලෙවිසැල් හරහා කල්බදු වාරික ගෙවිය හැකිය. https://www.singersl.com/store-locator වෙතින් ශාඛා පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගත හැක.

LEASING

ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ මොනවාද ?

  • ආකර්ශනීය කල්බදු පොලී අනුපාත
  • ඔබේ ආදායමට සරිලන පරිදි ආපසු ගෙවීමේ සැලසුම් තෝරා ගැනීමේ හැකියාව
  • ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා කල්බදු පහසුකම්
  • කල්බදු පහසුකමේ ප්‍රමාණය ඉහළ නංවා ගැනීමේ හැකියාව
  • පහසුකම් කාලය තුළ වත්කම් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව
  • ණය ආපසු ගෙවීම සඳහා දිවයින පුරා පිහිටි ශාඛා ජාලය
  • නොමිලේ කෙටි පණිවුඩ දැනුම් දීම් පහසුකම්

අවශ්‍ය සුදුසුකම් මොනවාද ?

  • වයස අවුරුදු 18 ට වැඩි  ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

මා ගිණුමක් විවෘත කරන්නේ කෙසේද ?

  • අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි සමඟ දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් වැඩි විස්තර සඳහා +94 112 400 400 හරහා අප අමතන්න.

අවශ්‍ය ලියකියවිලි මොනවාද ?

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • පසුගිය වසර දෙක සඳහා විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන / අවසන් මාසය දක්වා වූ ගිණුම් කෙටුම්පත් හෝ අයදුම්කරුගේ මාසික ආදායම සනාථ කිරීම සඳහා වලංගු ලේඛන.
  • පසුගිය මාස හය තුළ බැංකු ප්‍රකාශන
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඇපකරුවන්ගේ ප්‍රකාශ
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ/ සංස්ථාගත කිරීමේ සහතිකය
  • අධ්‍යක්ෂකවරුන්ගේ / හවුල්කරුවන්ගේ විස්තර
  • ආයතනික අයදුම්කරුවන් සඳහා සමාගම් ලේකම් විසින් සහතික කරන ලද සාංගමික ව්‍යවස්ථාවලිය
  • පසුගිය කාර්තු 03 සඳහා NBT/ VAT ගෙවුම්පත්
  • ආයතනික අයදුම්කරුවන් සඳහා ආදායම් බදු වාර්තා
  • ස්ථිර පදිංචිය පිළිබඳ බිල්පත් සාක්ෂි
  • ජාතික හැඳුනුම්පතේ / විදේශ ගමන් බලපත්‍රයේ / රියදුරු බලපත්‍රයේ ඡායා පිටපත්
  • සැපයුම්කරුගේ ඉන්වොයිසිය