සාධකකරණය 

සාධකකරණය යනු ණය කොන්දේසි මත භාණ්ඩ හා සේවා අලෙවි කරන ව්‍යාපාරයක මුදල් ප්‍රවාහය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කෙරුණු කාරක ප්‍රාග්ධන විසඳුමකි. බැංකුවකින් අරමුදල් සපයන්නේ නැති අවස්ථාවක පවා සාධකකරණය මගින් අරමුදල් සපයා දෙනු ඇත. බෙදා හරින ලද නිෂ්පාදන හෝ සපයන ලද සේවාවන් සඳහා නිකුත් කරන ලද ඉන්වොයිසිවලින් මුදල් එකතු කිරීමේ වේගවත්ම ක්‍රමය මෙයයි.

සාධක කරණයේදී අපි ඔබට අයවිය යුතු ලැබීම් (ණය විකුණුම්) වට්ටමක් යටතේ මිලදී ගෙන 70% -85% දක්වා ඔබට අත්තිකාරම් වශයෙන් සපයමු. ණය ගැතියන් විසින් ගෙවීම් කරන තෙක් ඔබට අරමුදල් පෙළ නොගැසෙනු ඇත. ඔබගේ ණය ගැතියන් වෙනුවෙන් අපි ඔබට ගෙවන්නෙමු. ණය කළමනාකරණයේ ඇති අපහසුතා සාධකය වෙත මාරු කරමින් ඔබේ ව්‍යාපාරයේ ප්‍රගතිය වේගවත් කරවීමට සාධකකරණය ඔබට උපකාරී වේ.

ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ මොනවාද ?

  • ඔබගේ ඉන්වොයිසි වටිනාකමෙන් 70% – 80% ක ඉහළම අත්තිකාරම
  • ඔබේ මුදල් ප්‍රවාහ අවශ්‍යතා සඳහා මූල්‍ය විසඳුම
  • සෑම පහසුකමක්ම පළපුරුදු  කළමනාකරණයක් විසින් මෙහෙයවනු ලැබේ
  • වේගවත් අනුමත කිරීමේ ක්‍රියාවලිය
  • භෞතික ඇප අවශ්‍ය නොවේ
  • ආරම්භක ගාස්තුවක් සහ ඉවත්වීමේ ගාස්තුවක් නැත

අවශ්‍ය සුදුසුකම් මොනවාද ?

  • වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

අවශ්‍ය ලියකියවිලි මොනවාද ?

  • අයදුම්පත
  • ගනුදෙනුකරු පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
  • හිමිකරුගේ / අධ්‍යක්ෂකගේ / ඇපකරුගේ ජාතික හැඳුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ / රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • හිමිකරු / අධ්‍යක්ෂ / ඇපකරු වත්කම් ප්‍රකාශ
  • සාංගමික සංස්ථාපත්‍රය හා ව්‍යවස්ථාවලිය
  • සාධකකරණ ණය ගැතියන්ගේ ලැයිස්තුව
  • පසුගිය මාස 6 ක බැංකු ප්‍රකාශන
  • පාරිභෝගික ලිපිනය වෙනස් වන්නේ නම් එය තහවුරු කිරීමට නිවැරදි ලිපිනය සහිත​ බිල්පතක්

මා ගිණුමක් විවෘත කරන්නේ කෙසේද ?

  • දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවකට පිවිසෙන්න. කරුණාකර පහසුකම ඇරඹීම සඳහා අවශ්‍ය ලියකියවිලි සමඟ පිවිසෙන්න. නැතහොත් (+94) 112 400 400 මගින් වැඩි විස්තර සඳහා අප අමතන්න.